පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තුවාල ලබා මාස 09ක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය 26 හැවිරිදි තරුණියගේ අවසන් කටයුතු අද(03) යාපනයේ දී සිදු කිරීමට නියමිතයි.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වු ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි ඇය උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සෙනසුරාදා මියගොස් තිබුණි.

යාපනය,රක්කාපාර ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය රැකියාවක් සඳහා කොටහේන ප්‍රදේශයට පැමිණ සිටි වාර්තා වෙයි.

මෙන්න බලන්න තවත් පුවත්