පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි
හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට, හිටපු අමාත්‍ය සාගල රත්නායකට සහ හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනට
එම කොමිසම විසින් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට සහ හිටපු අමාත්‍ය සාගල රත්නායකට
ලබන 21 වනදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි දැනුම් දී ඇත්තේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන
ලබන 18 වනදා, පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබෙනවා.
පාස්කු ප‍්‍රහාරය එල්ල වූ සමයේ රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙසත්,
සාගල රත්නායක පොලිසිය භාර අමාත්‍යවරයා ලෙසත්,
රුවන් විජේවර්ධන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළා.
Discussion about this post