පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ සොයාබැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ කටයුතු අද (27) නිල වශයෙන් අවසන්වීමට නියමිතව ඇත.
අද පස්වරු 04.00ට පැවැත්වීමට නියමිත සමාප්ති සැසියෙන් අනතුරුව කොමිසමේ කටයුතු නිල වශයෙන් අවසන් වෙයි.
ආපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු ඊයේ දිනයෙන් අවසන් කෙරිණි.
ඒ අනුව වසරකට වැඩි කාලයක් සාක්ෂිකරුවන් 440 දෙනෙකුගෙන් කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
Discussion about this post