මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් නවකයන් ලෙස පාර්ලිමේන්තුවට පිවිසෙන මන්ත්‍රීවරුන් අතරින්
වැඩිම මනාප ගත් තිදෙනාම ආචාර්ය උපාධි ලැබුවන් වීම විශේෂත්වයකි.
නවකයන් අතරින් වැඩිම මනාප ලබා ඇත්තේ,
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කල ආචාර්ය නාලක ගොඩහේවා මහතාය.
ඔහු මනාප 325,479 ක් ලබා ගත් අතර
දෙවන ස්ථානයේ පසුවන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ ආචාර්ය ගුණපාල රත්නසේකර මහතාය.
ඔහු ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.
ඔහු මනාප 141,991 ක් ලබා ගත්තේය.
නවකයන් අතුරින් තෙවැනියට වැඩිම මනාප ලබා ඇත්තේ
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාය.
ඔහු මනාප ජන්ද 133,980ක් ලබා ගෙන ඇත.
Discussion about this post