පාකිස්තානයේ කරච්චි නගරයේ, ගොඩනැඟිල්ලක් කඩාවැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 13දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිදුවීමෙන් පුද්ගලයන් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.

පාකිස්තානයේ විශාලතම නගරය වන කරච්චිහි පිහිටා තිබූ පස් මහල් ගොඩනැඟිල්ලක් මෙලෙස කඩාවැටී තිබේ.

සිදුවීමෙන් අසල පිහිටි තවත් ගොඩනැඟිලි දෙකකටද හානි සිදුව ඇති බව එරට වාර්තා සඳහන් කළේය.

කඩාවැටුණු ගොඩනැඟිල්ල නිවාස සංකීර්ණයක්. 

අනතුරින් මියගිය පුද්ගලයන් රැසකගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන ඇති අතර සුන්බුන් තුළ සිරවී සිටින පුද්ගලයන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මියගිය පිරිස අතර ළමුන් තිදෙනෙකුද සිටින බව රෝහල් වාර්තා සඳහන් කළේය.

තුවාල ලැබූ පුද්ගලයන් 30කට වැඩි පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

ඔවුන් අතරින් කිහිපදෙනෙක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව සඳහන්.

ගොඩනැඟිල්ල කඩාවැටීම හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවකරච්චි නගරය අයත් සින්ද් පළාතේ මහඇමතිවරයා පවසයි.

මේ අතර විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ඉදිකිරීම් අංශයේ පවතින දුර්වලතා හේතුවෙන් පාකිස්තානය තුළ මෙවැනි අනතුරු බහුලවී ඇති බවයි.

මෙන්න බලන්න තවත් පුවත්