ප්‍රේත දෝෂයක් ඉවත් කිරීම සඳහා දැරියකට වේවැලකින් පහර දී ඇති අතර පහර කෑ’ දැරිය මේ වන විට මියගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ මීගහවත්ත කඳුබොඩ ප්‍රදේශයේ නව හැවිරිදි දැරියක් බවයි.
දැරියට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව පවසමින් ඇගේ මව විසින් දේවාලයක් පවත්වාගෙන යනු ලබන කාන්තාවක් වෙත ගොස් ඒ සඳහා ප්‍රතිකාර කර තිබේ. එහිදී අදාළ කාන්තාව දැරියගේ සිරුරේ තෙල් ආලේප කර වේවැලකින් පහර දී ඇති අතර දැරිය සිහිසුන්වීම හේතුවෙන් බියගම රෝහලට ඇතුලත් කර ඇත.
රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවපොලීසිය සඳහන් කරනවා.
මීගහවත්ත පොලීසිය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන අරඹා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
Discussion about this post