මෙම වසරේ දී විෂය නිර්දේශ ආවරණය කරමින් වාර විභාග පවත්වා සිසුන්ගේ අධ්‍යාපන මට්ටම් පරීක්ෂා කිරීමට නොහැකි වුවද සියලුම සිසුන් ලබන වසරේ (2021) දී නව පන්තිවලට උසස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එමෙන්ම අඩුපාඩු වූ විෂය නිර්දේශ ආවරණ කටයුතු නව වසරේ (2021) මුල් මාස දෙක ඇතුළත සම්පූර්ණ කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීමේ බලය විදුහල් ප්‍රධානීන්ට පැවරේ.
ලබන වසරේ (2021) පළමු පාසල් වාරය ආරම්භ කිරීමට හා ඉන් පසු අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගවලට අදාළ චක්‍රලේඛය මේ සතියේ නිකුත් කෙරේ.
තෙවැනි වාර නිවාඩුව ලබන (දෙසැම්බර්) 23 වැනිදා ආරම්භ කෙරෙන අතර නව පාසල් වාරය ජනවාරි මස 04 වැනිදායින් ඇරැඹේ.
Discussion about this post