පසුගිය ආණ්ඩුවේ නීති රීති ක්‍රියාත්මක වී තිබෙන්නේ පුද්ගලානුබද්ධව යැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.
“ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ලොකු කථිකාවක් ඇති කරගෙන තියෙනවා,
යහපාලන ආණ්ඩුව විසින් ද්විත්ව පුරවැසියන් වන අය මේ පාලනයට සම්බන්ධය නොවිය යුතුයි කියලා 2015 දී ගෙන ආවේ හොඳ චේතනාවෙන් නොවේ,“
යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.
“19වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මහින්ද රාජපක්ෂ මහත්තයාට දෙවරකට වැඩිට ජනාධිපතිවරණය සඳහා ඉල්ලීමට නොහැකී කියන සීමාවක් ගෙන ආවා,
මහින්ද රාජපක්ෂ මහත්තයා රේස් එකෙන් එළියේ තියන්න,
ගෝඨභය මහත්තයාවයි, බැසිල් මහත්තයාවයි රේස් එකෙන් එළියට දාන්න තමයි ඕක ගෙන අවේ.
නාමල් මහත්තයා ඡන්දේ ඉල්ලයි කියලා බයට වයස සීමාව 30ය 35 කරා, මෙය තමන්ට අවශ්‍ය දේ කිරීම සඳහා කළ දෙයක්,
එය ඇත්තටම ව්‍යවස්ථාවට පටහැනී“ යැයි ඇමතිවරයා සඳහන් කළේය.
“ලංකාවේ පුරවැසිභාවය ව්‍යවස්ථාවෙන් පිළිගෙන තිබෙනවා. පණත මගිනුත් පිළිඅරගෙන තිබෙනවා, “
ඔබ උපතින් ශ්‍රී ලාංකිකයෙකු වුවද, ලියාපදිංචියෙන් ශ්‍රී ලාංකිකයෙකු වුව ද, ඔබට තිබෙන අයිතිවාසිකම්වල වෙනසක් නොමැත“ කියන එක පිළිබඳව,“
යනුවෙන් ඇමතිවරයා පැහැදිලි කළේය.
“නීතිය අනුව ද්විත්ව පුරවැසියා වූවද, ඒක පුරවැසියා වුවද, වෙනසක් දකින්නේ නැහැ.
පුරවැසිභාවය ලැබුණානම් ද්විත්ව පුරවැසියෙක් ලෙස ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙක්.
ඒ ශ්‍රී ලාංකික පුරවැසියාට සාමාන්‍ය පුරවැසියෙකුට ඇති සියලුම අයිතිවාසිකම් පුරවැසි භාවය පිළිබඳ පණතෙන් සහ
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙන් සනාත කරලා තියෙනවා,“ යනුවෙන් අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Discussion about this post