ශ්‍රී ලංකාව ආශ්‍රිත වායුගෝලයේ පවතින තරංගාකාර කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නැගෙනහිර සහ ඌව ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (04) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තදවැසි ද ඇතිවිය හැකියි.
සෙසු ප්‍රදේශවල සවස 1.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තදවැසි ඇති විය හැකියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසයි.
Discussion about this post