පොතුවිල් පොලිස් වසමේ පොතුවිල් නගරයේ පිහිටි පලතුරු වෙළඳ සැලක හදිසි ගින්නක් හට ගෙන තිබේ.

අද(03) අළුයම 3.53 ට පමණ පොතුවිල් පොලීසියට ලද තොරතුරු මත වහා ක්‍රියාත්මක වු පොලීසිය, පානම නාවික හමුදා කඳවුරරේ ගිනි නිවිමේ රථය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කර තිබේ.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් නොමැති බව පොලීසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොතුවිල් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මෙන්න බලන්න තවත් පුවත්