මේ දවස්වල සමහර කලාකරුවන් ගැන විවිධ කතා පැතිරෙද්දි අතුල අධිකාරිගේ නැගණිය නෙලූ අධිකාරි ගැනත් මේ දවස්වල ඒ වගේ කතාවක් පැතිර යනවා.
පසුගිය දිනවල ලංකාවේ ප්‍රවීණ ගායකයෙක් වන වික්ටර් රත්නායක මහතා තමන්ගේ නැතිවුණ හඬ දෙවියන්ගේ ආශිර්වාදයෙන් නැවත ලබාගන්නා වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය වුණා.
ඉතින් ඒ වගේම නෙලූ අධිකාරීත් දෙවියන්ගේ දේව දුතයා සමඟ සම්බන්දව කටයුතු කරන එවැනිම වීඩියෝවක් මේ වෙද්දි සමාජ ජලා වල පැතිර යනවා.
එලෙස නෙලූ අධිකාරි දැන් සියලුම දේවල් අතහරිමින් දෙවදාසයා නම් පුද්ගලයකුගේ කීමට දෙවියන් වහන්සේ වෙත ගිහිල්ලා.
ඒ වගේම ඇය කියන විදිහට ඇයට කාලයක් තිස්සේ තිබුණු රෝගයක් ඇගේ හිසට පහරක් දීලා සුවකරලාලු.
ඒ වගේම ඒ විතරක් නෙවෙයි ඇය දෙවියන් වහන්සේ වෙනුවෙන් සංගීත වේදිකාවට ද සමුදුන් බව එම වීඩියෝ පටයේ ඇය පවසනවා.
ඒ විදිහට කලා ලෝකය හා ඇගේ ගොඩක් දේවල් අතහරිමින් ඇය දෙවියන් වහන්සේට යටත් වුණ බවත් ඒ වගේම ඊට අමතරව ඇගේ මුළු පවුලමද දෙවියන් වහන්සේ වෙනුවෙන් කැපවෙන බවත් හා දේවදාසයා ඇයගේ දරුවන් දෙදෙනා ඉල්ලුවොත් තමන්ගේ දරුවන් දෙදෙනාද දෙවියන් වහන්සේට බාර දෙන බවත් එහිදී ඇය ප්‍රකාශ කරනවා.
එමෙන්ම ඇය මින් පසු ගායනා කරන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන් පමණක් බවද කියා සිටිනවා.
Discussion about this post