ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ ජා – ඇල ඒකල ඔතේකැලේ ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ නිරත වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකක නිලධාරීන් ඊයේ (11) කටයුතු කර ඇත.

එහිදී බැරල් 40ක තිබී ගෝඩා ලීටර් 4000කට අධික ප්‍රමාණයක්, සීනි උර 6ක් සහ ඊස්ට් පැකට්ටු 200ක් හමුවී තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයින් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණ්ය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙන්න බලන්න තවත් පුවත්