ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන රීතීන් කඩකල පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මුහුණු ආවරණ නොපැලඳීම සහ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම යන සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිනොපැදීම් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ අනුව ඔක්තෝබර් 30වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකල පුද්ගලයින් 3,202ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉදිරියටත් දිවයින පුරා එම මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Discussion about this post