නිරෝධායන නීතිරීති කඩකළ පුද්ගලයින් 1900කට පමණ මේ වන විට නඩු පවරා ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව ඉදිරියේදී තවත් පිරිසකට නඩු පැවරීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.
ගත වු පැය 24ක කාලය තුළ නිරෝධායන නීතිරීතීන් උල්ලංඝනය කළ පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව පසුගිය ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 2044 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා..
Discussion about this post