විදේස්ගතව සිට දිවයිනට පැමිණ කන්දකාඩු නිරෝධායන  මධ්‍යස්ථානයේ නේවාසිකව නිරෝධායන කටයුතුවල යෙදුන පිරිසක් අද ඉන් පිටව ගියේය.

ඒ දින විසිනවයක් පැවති නිරෝධායන කටයුතු අවසන් විමෙන් පසුවයි.

මාර්තු මස 10 වෙනිදා කන්ඳකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට ඉතාලිය,දකුණු කොරියාව යන රටවල සිට  37 දෙනෙකුගෙන් යුත් පිරිසක් නිරෝධාන කටයුතු සඳහා  යොමු කළේය.

විදෙස්ගතව සිට පැමිණ නිරෝධාන කටයුතු සඳහා යොමුකළ දෙවෙනි කණ්ඩායම මෙයයි.

පිරිස අතර සිට විටින් විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වු රෝගින් හදුනාගැනිම හේතුවෙන් මෙම පිරිස දින 29ක් නිරෝධානය කර  තිබේ.

පිරිස පුත්තලම, මිගමුව,හලාවත,ගාල්ල, මාතර, ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අද උදෑසන නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ  මැදිහත්විමෙන් හමුදා බස් රථ මගින් ඔවුන්ගේ  නිවෙස් වෙත රැගෙන ගියේය.

මෙන්න බලන්න තවත් පුවත්