• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-08 | 11:17 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

නිර්දේශයක් ලබා දුන් විගසම එන්නතක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සුදානම් – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි

2021-01-06 ‍| 9:40 pm
නිර්දේශයක් ලබා දුන් විගසම එන්නතක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සුදානම් – සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ගැළපෙන එන්නත හෝ එන්නත් හඳුනා ගැනීම ඉතා සැළකිල්ලෙන් සිදු කළ යුතු බවත් එන්නත් පිළිබඳ පර්යේෂණ වාර්තා, එන්නතේ සඵලතාවය , අතුරු ආබාධ, එන්නත ගබඩා කළ යුතු උෂ්ණත්වය ,ඒ සඳහා පිළිගත් ඖෂධ නියාමන අධිකාරිය මගින් ලැබුණු අනුමැතිය යන සෑම කරුණක්ම මනාව අධ්‍යනය කිරීම අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

දැනට සොයාගෙන ඇති බහුතරයක් එන්නත් සඳහා මෙම තොරතුරු ප්‍රකාශයට පත් කර නොමැති බවද අමාත්‍යවරිය පෙන්වා දුන්නා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කළ විශේෂ නියෝජිතයෙක් වශයෙන් ලලිත් වීරතුංග මහතා රාජතාන්ත්‍රික වශයෙන් මේ පිළිබඳ විවිධ රටවල් සමග සාකච්ඡා කරමින් විදෙස් රටවල නිපදවා ඇති කොවිඩ් එන්නත් පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කරන බවද අමාත‍්‍යවරිය කියා සිටියා.

ශ්‍රී ලංකාවට නව එන්නතක් හඳුන්වා දීම සඳහා පිළිගත් ක්‍රමවේදයක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරිය ලංකාවේ ජාතික ප්‍රතිශක්තීකරණ ප්‍රතිපත්තිය යටතේ නව එන්නත් රටට හඳුන්වා දීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සභාපතිත්වයෙන් යුතු බෝ වෙන රෝග සඳහා වූ උපදේශන කමිටුව කටයුතු කරන බවද සඳහන් කළා.

සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ වැක්සීනය මෙරටට ගෙන්වීමට අවශ්‍ය සියළු නීතිමය කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින් බවත් පසුගිය ජූලි මාසයේ සිටම ලෝක සෞඛ්‍ය සංවිධානය සමග මේ සඳහා ගිවිසුම් ගත වීම් සිදු කළ බවයි.

මේ වන විට එම කමිටුව පත් කළ විශේෂඥ කමිටුවක් විසින් කොවිඩ් මර්දනය සඳහා වූ සියළුම එන්නත් පිළිබඳව අධ්‍යනය කරන බවත් මෙම වැඩපිළිවෙල තවදුරටත් පහසු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුතු උපදේශන කමිටුවක් සහ තවත් උප කමිටු කිහිපයක්ම හරහා එන්නත් ගබඩා කිරීම ඒ සඳහා අවශ්‍ය ශීත කාමර හඳුනා ගැනීම, වියදම් ඇස්තමේන්තු හඳුනාගැනීම සහ ඒ සඳහා වියදම් හඳුනා ගැනීම් සිදු කරනු ලබනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් “කොවැක්ස් (Covax)පහසුකම සඳහා සාර්ථක කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීම සඳහා ජිනීවා එන්නත් සංවිධානය වන එන්නත් හා ප්‍රතිශක්තිකරණ සඳහා වූ ගෝලීය සන්ධානය” (Global Alliance for Vaccines and Immunizations – GAVI) වෙතින් 2020.07.20 දින ඉල්ලීමක් කර ඇති බවත් ඔවුන් විසින් කොවැක්ස් පහසුකම ලැබීම සඳහා යෝග්‍යතාවය තහවුරු කර තිබෙන බවද අමාත්‍යවරිය පෙන්වා දුන්නා.

ඒ අනුව කොවැක්ස් Covax වැඩපිළිවෙළ යටතේ එන්නත ලබා ගැනීමට ගිවිසුම් අත්සන් කළ රටක් ලෙස ජනගහණයෙන් 20%කට එන්නත ලබා දීමට හැකි බව තහවුරු කර තිබෙනවා.

බෝ වන රෝග පිළිබඳ උපදේශන කමිටුව විසින් එන්නතක් හෝ එන්නත් කිහිපයක් පිළිබඳ නිර්දේශයක් ලබා දුන් විගසම එන්නතක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.

ShareTweetSendShare

Related Posts

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට
Local

තවත් කොරෝනා මරණ 05ක් – සමස්ත මරණ 507ක් දක්වා ඉහළට

2021-03-08
4
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් ආසාදිතයින් 157 දෙනෙකු හඳුනාගැනේ

2021-03-08
3
තවත් 807කට සුවය
Local

තවත් 454 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-08
4
කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ
Local

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

2021-03-08
4
තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර
Local

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

2021-03-08
4
මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට
Local

මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

2021-03-08
4
Next Post
තවත් ක්ෂේත්‍ර දෙකක අයට ගමනාගමනයට අවසර

ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය ඉවත් කිරීමට පියවර

අමන්දා ජයටම උපන්දිනය සැමරු හැටි – Photos සහිතයි

අමන්දා ජයටම උපන්දිනය සැමරු හැටි - Photos සහිතයි

Discussion about this post

MORE LOCAL NEWS

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 05ක් – සමස්ත මරණ 507ක් දක්වා ඉහළට

2021-03-08
0
4

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 05ක් වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය අංශ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 157 දෙනෙකු හඳුනාගැනේ

2021-03-08
0
3

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 157 දෙනෙකු අද (08)...

තවත් 807කට සුවය

තවත් 454 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-08
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝගහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ...

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

2021-03-08
0
4

කොවිඩ් මර්දන ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබා ගැනීමෙන් පසු වඳ භාවයට...

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

2021-03-08
0
4

අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ලිස්සා ගොස් ගසක හැපීමෙන්...

Sports News

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk