රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක් පමණ වටිනා ජාත්‍යන්තර වශයෙන් භාවිත කරන ගංජා කොලවලට සමාන වියළි කොළ තොගයක් කටුනායක ගුවන් භාණ්ඩ අංශය වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් භාරයට ගෙන තිබෙනවා.
නයිජිරියාවේ සිට ගුවන් තැපැල් පාර්සලයක් ලෙස කටුනායක ගුවන් භාණ්ඩ අංශය වෙත ඒවා යොමු කර තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න සඳහන් කළා.
රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ හිසකෙස් කළුපැහැ ගැන්වීම සඳහා භාවිත කරන වර්ණක ලෙසින් මේවා එවා තිබුණේ මහනුවර – අකුරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු නමකට බවයි.
පසුව, අදාළ හිමිකරු ද මෙම පාර්සලය භාර ගැනීමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම මත්ද්‍රව්‍ය කොල තොගය ජාතික අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ නිලධාරින් වෙත යොමුකර තිබෙනවා.
එහිදී මෙම කොළ තොගය මත්ද්‍රව්‍ය බවට තහවුරු වුණා.
Discussion about this post