කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පුද්ගල ඒකරාශීවීම් හැකිතාක් සීමාකරන්නැයි ගෝලීය සෞඛ්‍ය අංශ ජනතාව වෙත දැනුම්දී ඇති පසුබිමක කතරගම දෙවියන් වන්දනාමාන කිරීම සඳහා පැවැති උත්සවයක් පිළිබඳ මැලේසියාවෙන් වාර්තා වෙයි.

මැලේසියාවේ ජීවත්වන හින්දු බැතිමතුන් කතරගම දෙවියන් වෙත ගෞරවය පුද කිරීම සඳහා එරට ක්වාලාලාම්පූරු නගරයේ පැවැති උත්සවයක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

වාර්ෂික තයිපූසම් සැණකෙලිය ලෙසින් නම් වුණු මෙම උත්සවයට සහභාගිවීම සඳහා දහස් සංඛ්‍යාත හින්දු බැතිමතූන් පිරිසක් එක්ව සිටියේය.

මෙහි පැමිණි බැතිමතුන් දෙවියන් වෙනුවෙන් පුද පඩුරු රැගෙන විත් පුද පූජා පවත්වන ආකාරය දක්නට ලැබුණි.

සිය සිරුරට විවිධ ආකාරයේ වධ පමුණුවාගනිමින්, ඔවුන් දෙවියන් වෙත ගෞරව පුද කළේය.

හින්දු බැතිමතුන් අතර ඉතාමත් ජනප්‍රිය කාවඩි නර්තන ඉදිරිපත්කිරීමද මෙම අවස්ථාවට එක්කර තිබුණි.

මැලේසියාවෙන් කොවිඩ් 19 වෛරස ආසාදිතයන් 15ක් වාර්තා වී ඇතත්, විදෙස් වාර්තා පවසන්නේ මෙහි පැමිණි බොහෝදෙනා මුව ආවරණ පැළද නොසිටි බවයි.

කෙසේ නමුත් එහි පැමිණි කිහිපදෙනෙක් පමණක් මුව ආවරණවලින් සැරසී සිටියේය.

බැතිමතුන් පවසන්නේ, මැලේසියාව තුල වෛරසය පාලනය කර ඇති බැවින් බියවීමට කිසිදු කරුණක් නොමැති බවයි.

මෙන්න බලන්න තවත් පුවත්