හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ දියණිය මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නැගණිය වන දුලාංජලී ප්‍රේමදාස දේශපාලනයට සම්බන්ධ වන හැඩක් නිර්මාණය වී තිබෙන බව වාර්තා වනවා.
පසුගිය සතියේ සුචරිත ව්‍යාපාරයට තම මව වන හේමා ප්‍රේමදාස ආර්යාව සමග පැමිණි දුලාංජලී පුටු බෙදා දී තිබෙනවා.
එමෙන්ම ඇය නාගරික කොට්ඨාස මට්ටමින්ද පුටු බෙදා දීම මෙ වනවිට සිදු කරනවා.
දුලාංජලීගේ මෙම ක්‍රියාව දේශපාලන ලෝකයේ මහත් ආන්දෝලනයට ලක්ව තිබෙනවා.
ඒ ඇය ලබන වසරේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරයට තරග කිරීමට සූදානම් වන බවට පැතිර යන කතා බහත් සමඟයි.
මේ සදහා තම සහෝදරයා වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආශීර්වාදයද හිමිව තිබෙන බව ද ආරංචි වනවා.
Discussion about this post