දෙනුවර මැණිකේ නගරාන්තර දුම්රිය සේවය අද (01) සිය මංගල ගමන සුබ මොහොතින් ආරම්භ විය. 

ඒ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පැවැති සමාරම්භක උත්සවයෙනි. 

උදෑසන 06.45ට කොළඹ කොටුවෙන් ගමන් ඇරඹි මෙම දුම්රිය බදුල්ල බලා පිටත් විය.

ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාද එක් වූ එම සමාරම්භක උත්සවයේදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ මගී අවශ්‍යතා සලකමින් මෙම නව දුම්රිය ධාවනයට එක් කළ බවයි.  

“මේ දුම්රිය උඩරට ධාවනයටම නිෂ්පාදනය කළ දුම්රියක්. උඩරට ධාවනයට මෙවැනි දුම්රිය ගෙන ඒම සැලසුම් කළේ නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා. එතුමා ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ලෙසට. එතුමාටත් අපි මේ අවස්ථාවට අද ආරාධනා කළා. අපේ දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල ප්‍රශ්නයක්ව තිබුණා උඩරට දුම්රිය මාර්ගය සඳහා අවශ්‍ය දුම්රිය එංජින් සහ මැදිරි සම්බන්ධයෙන්. අද එම ප්‍රශ්නයට අපි ටිකෙන් ටික උත්තර සපයමින් සිටිනවා…” යනුවෙන්ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. 

මෙන්න බලන්න තවත් පුවත්