හින්දු භක්තිකයින් විසින් අති උත්කර්ෂවත් ලෙස සමරනු ලබන ආගමික උත්සවයක් වන දීපවාලී උත්සවය අදට (14) යෙදී තිබෙනවා.
කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් මෙරට හින්දු භක්තිකයන්ට දීපවාලි උත්සවය සැමරීමට සිදුව තිබීම විශේෂත්වයක්.
ඒ වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේ
” ප්‍රථමයෙන්ම සහෝදර දමිළ ජනතාවට සුබ දීපවාලී උත්සවයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ හැම ප්‍රදේශයකම ඉන්න මේ ජනතාවගෙන් අපි ඉල්ලලා තියෙන්නේ සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කරන්න කියලා.
කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීමට සහය වෙමින් දීපවාලි සැමරුම තම නිවසට හා පවුලට පමණක් සීමා කරන්න කියලයි අපි හැම වෙලේම ඉල්ලා සිටින්නේ.
Discussion about this post