• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-28 | 12:24 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

දියණියට දුන් පොරොන්දුව ගැන දුකක් තියෙනවා – ධම්මික ප්‍රසාද්

2021-02-20 ‍| 2:53 pm
දියණියට දුන් පොරොන්දුව ගැන දුකක් තියෙනවා – ධම්මික ප්‍රසාද්
0
SHARES
20
VIEWS
Share on FacebookShare on Twitter

තම දියණියගේ බලාපොරොත්තුව ඉටු කිරීමට නොහැකිවීම හැර සිය ක්‍රිකට් දිවියේ කිසිදු පසුතැවීමක් තමා වෙත නොමැති බව ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් පැවසුවේය. එස්.එස්.සී. පිටියේදී පැවැති සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමේ නිල මාධ්‍ය සාකච්ඡාවේදීය.

උරහිසේ ඇතිවූ ආබාධයෙන් අනතුරුව සිය දියණිය තමාගෙන් නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන්නේද යන්න විමසූ විට ‘ඔව්’ ලෙසින් තමා පිළිතුරු දුන්නද, ආබාධය සුව වීමෙන් අනතුරුව තමාට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානයක් අහිමි වීමේ පසුතැවීම තමා වෙත පවතින බව ධම්මික ප්‍රසාද් පැවසුවේය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ප්‍රසාද් ‘ මා මේ තරම් දුර ක්‍රීඩා කරන්නට මගේ සියලුම භෞත චිකිත්සකවරුන් විශාල මෙහෙයක් කළා. ඒ වගේම මගේ ක්‍රීඩා සමාජයේ නිලධාරීන්, සේවකයන් , සුළු සේවකයන් ඇතුළු සියල්ලන්ටම මම ස්තුතිවන්ත වෙනවා.’ යි පැවසුවේය.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මාවන් අතපත්තු ‘ධම්මික කියන්නේ උදේ 10 ටත් හවස 5 ටත් එක වගේම හොඳින් පන්දු යවන්න පුළුවන් වේග පන්දු යවන්නෙක්. ඔහු කණ්ඩායමට දුන් දායකත්වය ප්‍රශංසනීයයි. නමුත් ඔහුගේ දක්ෂතාවට වාසනාව හරස් වෙන්න ඇති.’ යි පැවසුවේය.

මෙහිදී ප්‍රසාද් සමගින් ක්‍රීඩා කළ සමකාලීන ක්‍රීඩක රංගන හේරත් සිය මිතුරා සම්බන්ධයෙන්, ‘අපි දෙන්නා ජාතික කණ්ඩායමටත් වඩා ‘ඒ’ කණ්ඩායමේ එකට හිටියා. ඒ වගේම සොඳුරු සිදුවීමක් මතක් කරනවා නම් ඉන්දියාව සමගින් තිබුණු ටෙස්ට් තරගයකදී ධම්මික සමගින් ඉන්දීය ක්‍රීඩක ඉෂාන් ෂර්මා බහින් බස් වීමක් වුණා. එය දුරදිග යයි කියලා හිතුවත් අපිටත් හොරෙන්ම ධම්මික, ෂර්මා එක්ක කෝපි එකක් බොන්න ගිහින්. ප්‍රසාද් එහෙම නිහතමානී කෙනෙක්, යැයි පැවසුවේය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ධම්මික සිය සමුගැනීමෙන් අනතුරුව වෙනත් කිසිදු රටක ජාතික කණ්ඩායමක් නියෝජනය කරන්නට තමා බලාපොරොත්තු නොවන බව පැවසූ අතර ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ කොතෙක් සමත් වුවද තරගය දිනයේදී සිය ශාරීරික යෝග්‍යතාව මත සියල්ල තීරණය වන බවද පැවසීය.

ධම්මික සිය සමුගැනීමෙන් අනතුරුව නාවික හමුදා ක්‍රීඩා සමාජය සමගින් තරග කිරීමට නියමිත බවට වාර්තා වේ. ඔහු සමුගන්නා විට එස්.එස්.සී ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුළු දවාගත් (351) පන්දු යවන්නා වූ අතර වසර 7ක කාලයක් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නියෝජනය කර තිබේ. සමුගන්නා විට ඔහු ටෙස්ට් කඩුළු 75ක් සහ එක්දින කඩුළු 32ක් දවාගෙන තිබේ.

ප්‍රසාද් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමෙන් පසු සහභාගී වන පළමු තරගාවලිය ‘රෝඩ් සේෆ්ටි’ ලෝක ශූරතාව වේ.

චතුර රණසිංහ

ShareTweetSendShare

Related Posts

තනියම ආරාණ්‍යයකට ගිහින් මහණ වෙන්න ආසයි –  එම්.ජී. ධනුෂ්ක
Gossip Mania

තනියම ආරාණ්‍යයකට ගිහින් මහණ වෙන්න ආසයි – එම්.ජී. ධනුෂ්ක

2021-02-27
3
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී
Gossip Mania

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
මුල් පුටු 152ක් නියෝජනය කරන කාන්තාවන්
Gossip Mania

මුල් පුටු 152ක් නියෝජනය කරන කාන්තාවන්

2021-02-27
2
Sai Pallavi රඟන Virata Paravam තෙලිඟු චිත්‍රපටය ළඟදීම
Gossip Mania

Sai Pallavi රඟන Virata Paravam තෙලිඟු චිත්‍රපටය ළඟදීම

2021-02-27
1
කරීනාට පුතෙක් – Photos
Gossip Mania

කරීනාට පුතෙක් – Photos

2021-02-27
10
රහසේම විවාහ වූ Shailene සහ Aaron – Photos
Gossip Mania

රහසේම විවාහ වූ Shailene සහ Aaron – Photos

2021-02-27
4
Next Post
කොවිඩ් -19 ආසාදිතයින් 647කට සුවයි

තවත් ආසාදිතයින් 890 දෙනෙකුට සුවය

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

Update : තවත් ආසාදිතයින් 271ක් - අද ආසාදිතයින් ගණන 528ක්

Discussion about this post

MORE LOCAL NEWS

කොවිඩ් දේහ භූමදානයට විශේෂඥ උපදෙස් මත භූමියක් තෝරා ගන්න – අගමැතිගෙන් උපදෙස්

ශ්‍රී ලංකා අපනයන කොරිඩෝවක් නිර්මාණය කරන බව අගමැති කියයි

2021-02-27
0
3

රට තුළ ඇමෙරිකානු ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීම වෙනුවට, ශ්‍රී ලංකා අපනයන...

Update : තවත් රෝගීන් 383ක් – අද සමස්ත ආසාදිතයින් ගණන 726ක්

Update : තවත් ආසාදිතයින් 205ක් – සමස්ත ආසාදිතයින් ගණන 425ක්

2021-02-27
0
7

අද (27) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 220ක් හඳුනාගත් බව යුද හමුදාපති...

බන්ධනාගාර කොරෝනා පොකුර 156ක් දක්වා ඉහළට

බන්ධනාගාර ආසාදිතයින් 4855ක් දක්වා ඉහළට

2021-02-27
0
3

බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව...

තවත් 1,133 දෙනෙකුට පූර්ණ සුවය

තවත් ආසාදිතයින් 748 දෙනෙකුට සුවය

2021-02-27
0
2

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 748 දෙනෙකු අද දින සුවය...

බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි ඉල්ලා අත්සන් තැබීමේ ව්‍යාපාරයක්

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් බැසිල් හමුවෙයි

2021-02-27
0
6

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ...

Sports News

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
4
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk