කොළඹ සහ ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශවල තවත් පුද්ගලයින් 40 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ මහතා සදහන් කළේ, කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ පුද්ගලයින් පිරිසක් එලෙස නිරෝධායනයට යොමු කළ බවයි.

මේ අතරම හමුදාපතිවරයා පැවසුවේ ඊයේ (16) දිනයේදී PCR පරීක්ෂණය සඳහා යොමුකළ 20 දෙනෙකුගේද ඇතුලත්ව පුද්ගලයින් 265 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තා අද ලැබීමට නියමිත අතර අද දිනයේදී කිසිඳු PCR පරීක්ෂණයක් සිදුනොකරන බව ඒ මහතා සඳහන් කරයි.

අප්‍රේල් මස 11/12/14/15 යන දිනවලදී පුද්ගලයින් 875දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර ඉන් 41 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇති බවයි.

ඒ අතරම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන ලද PCR පරීක්ෂණ 500ක පමණ වාර්තා අද ලැබීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

සෞඛ්‍ය උපදෙස් අනුව තත්වය විශ්ලේෂණය කර හැකි ඉක්මනින් නිරෝධායන ඇඳිරි නිතිය ඉවත් කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙන්න බලන්න තවත් පුවත්