මව සමඟ කුසගින්නේ සිටි සුනඛ පැටියෙකු බගවන්තලාව ප්‍රදේශයේ දී අනතුරට පත් වු අයුරු අප කැමරාවේ සටහන් විය.

බගවන්තලාව හැටන් ප්‍රධාන මාර්ගයේ මව සමඟ සැරිසරමින් සිටි සුනඛ පැටියා ප්‍රධාන මාර්ගය අභියස තිබු සැමන් ටින් එකක් මතට හිස දැමිමෙන් පසු ටින් එක තුඵ හිස සිර වී ඇත.

සැමන් ටින් එක තුළ සිරවී සිටි සුනඛ පැටියා බේරා ගැනිමට සුන්‍ය මව උත්සහ දරා ඇතත් එය ව්‍යර්ථ වී තිබේ.

බගවන්තලාව ප්‍රදේශයේ තරුණයෙක් විසින් සුනඛ පැටියාගේ හිස සිර වී තිබු සැමන් ටින් එක ගලවා ඉවත් කිරිමට පසුව කටයුතු කර ඇත.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමට රජය විසින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ ජනතාව නගරවලින් ඈත් වීමෙන් සතුන් බොහෝමයක් මෙලෙස කුසගින්නේ පෙලෙනු ඇත.

රජය විසින් හා නොයෙක් සංවිධාන මඟින් හැකිතාක් ඔවුන්ට ආහාර ලබා දීමට කටයුතු කලත් මෙවැනි අසරණ ජිවිත තවත් දහස් ගණනක් මහ මඟ දුක් විඳිනු ඇත.

මෙන්න බලන්න තවත් පුවත්