ලෝකයේ ළමයින් වඩාත් සතුටින් සිටිනරට ලෙස නෙදර්ලන්තය හඳුනාගෙන තිබෙනවා.
පර්යේෂණයකින් හෙළිවී තිබෙන්නේ ඔවුන් කුඩා කාලයේ සිටම නිදහස භුක්ති විඳින බවත් දෙමව්පියන්ගේ බලපෑම් අඩු බවත්ය.
එමෙන්ම European Journal of Developmental Psychology සිදුකරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබුණේ නෙදර්ලන්ත ළමුන් ඉතා ඉවසිලිවන්ත බවයි.
ඊට හේතුව ලෙස පර්යේෂකයින් දක්වා ඇත්තේ එම දරුවන්ට කුඩා කාලයේදී සුව නින්දක් ලැබීමයි.
එසේම එරට දෙමව්පියන් ට දරුවන් සමග වැඩි කාලයක් ගත කිරීමට අවශ්‍ය කරන නීතිමය පසුබිම සාදා තිබීමත් ඊට හේතුවක් බව සඳහන්.
Discussion about this post