දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (02) තහවුරුවී ඇත.

තම පෞද්ගලික ලේකම්වරයාට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා තමන් නිරෝධායනය වෙමින් සිටි බවත් එහිදි සිදුකළ පි.සි.ආර් පරික්ෂණයේ දි තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.

වැඩිදුර ප්‍රථිකාර සදහා අද (02) උදැසන  කොළඹ අයි.ඩි.එච් රෝහලට පිටත්ව යන බවද ඔහු සඳහන් කළේය.

මෙන්න බලන්න තවත් පුවත්