දකුණු කොරියාවේ ජාතික මන්ත්‍රණ සභා මහා මැතිවරණයෙන් ජය ගැනීමට දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන්ගේ පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමත්ව තිබේ.

ජාතික මන්ත්‍රණ සභාවට නියෝජිතයන් 300 දෙනෙකු තෝරාපත් කර ගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ 35ක් මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටි අතර ඉන් ආසන 180 ක් දිනාගැනීමට පාලක පක්ෂය සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදී ප්‍රධාන විපක්ෂයට ලබා ගත හැකිව ඇත්තේ ආසන 103 පමණයි.

කොවිඩ් නයින්ටීන් වෛරසය පවතින පසුබිමක් තුළ පැවති මහා මැතිවරණය දැඩි සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කරමින් පවත්වනු ලැබීය. 

ඡන්ද දායකයින්ට මුව ආවරණ පැළදීම අනිවාර්යය කර තිබු අතර මීටරයක පරතරය පවත්වා ගත යුතු බව බලධාරින් නිවේදනය කර තිබුණේය.

එමෙන්ම ඡන්ද දායකයින්ගේ උෂ්ණත්වය පරික්ෂා කිරිමට ද පියවර ගැනීමෙන් පසු ඡන්ද පත්‍රිකාව ලබා දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

කිසිදු හේතුවක් මත දකුණු කොරියාව මැතිවරණයක් කල් දමා නොමැති රටක් ලෙස සැළකෙයි.

මෙන්න බලන්න තවත් පුවත්