දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක Glenton Stuurman වම් පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.
දකුණු උරහිසෙහි ආබාධයකට ලක්ව සිටින Migael Pretorius සංචිතයෙන් ඉවත් කිරීමට ද මීට පෙර පියවර ගැණුනා.
මේ අතර, දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන දකුණු අප්‍රිකා සංචිතයට බෙයුරන් හෙන්ඩ්‍රික්ස් කැදවීමට පසුගියදා එරට ක්‍රිකට් ආයතනය තීරණය කළා.
එමෙන්ම ආබාධයකට ලක්ව සුව අතට පත් වූ කාගිසෝ රබාඩා ද සංචිතයට නම් කිරීමටයි පියවර ගනු ලැබුවේ.
දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ලබන 3 වනදා ජොහැනස්බර්ග් හී දී ආරම්භ වීමට නියමිතයි.
Discussion about this post