දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා සහ එංගලන්තයට එරෙහි තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද(17) පස්වරුවේ ප්‍රකාශට පත් කෙරුණා.
ඒ අනුව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 22 දෙනෙකු ඇතුළත්.
එල්.පී.එල් තරගාවලියේ දී ආබාධයකට ලක් වූ ඇන්ජෙලෝ මැතිව්ස් එංගලන්ත තරගාවලිය සදහා පමණක් නම් කර තිබෙනවා.
දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය ලබන 26 වනදා, එනම් බොක්සිං දින ටෙස්ට් තරගයක් ලෙස ආරම්භ වන්නේ සෙන්චූරියන්හී දීයි.
දෙවැනි ටෙස්ට් තරගය ලබන 3 වනදා ජොහැනස්බර්ග්හී දී ආරම්භ වනු ඇති.
අනතුරුව ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගාවලිය ලබන ජනවාරි 14 වනදා ගාල්ලේ දී ආරම්භ වනවා.
ශ්‍රී ලංකා සංචිතය –
දිමුත් කරුණාරත්න – නායක
කුසල් ජනිත් පෙරේරා
දිනේෂ් චන්දිමාල්
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
ඕෂධ ප්‍රනාන්දු
ධනංජය ද සිල්වා
නිරෝෂන් දික්වැල්ල
මිනෝද් භානුක
ලහිරු තිරිමාන්න
ලසිත් ඇඹුල්දෙණිය
වනිඳු හසරංග
දිල්රුවන් පෙරේරා
සුරංග ලක්මාල්
ලහිරු කුමාර
විශ්ව ප්‍රනාන්දු
කසුන් රාජිත
දුෂ්මන්ත චමීර
දසුන් ශානක
සංතුෂ් ගුණතිලක
අසිත ප්‍රනාන්දු
දිල්ශාන් මධුෂංක
Discussion about this post