සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ මතු වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් තුර්කිය සහ රුසියාව අතර සටන් විරාම ගිවිසුමකට එලඹ තිබේ.

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ තුර්කි ජනාධිපති රිසෙප්ට් තායිප් අර්ඩොගන් අතර එම එකඟතාවට එළඹ ඇති බව වාර්තා වෙයි.

ආරක්ෂක තීරුවක් සහ ඒකාබද්ධ මුර සේවාවක් ස්ථාපිත කිරීමට ද එම දෙපාර්ශවය එකඟ වී තිබේ.

පසුගිය මාසයේ දී රුසියානු සහය ලබන සිරියානු රජය විසින් තුර්කි හමුදා භටයින් 36 දෙනෙකු ඝාතනය කිරීමත් සමඟ සිරියාව සහ තුර්කිය අතර ගැටුම්කාරී තත්ත්වයක් ආරම්භ විය.

ඊට මැදිහත් වූ රුසියානු ජනාධිපතිවරයා මොස්කව්හිදී තුර්කි ජනාධිපතිවරයා සමග එකඟතාවකට එළඹී බව වාර්තා වෙයි.

මෙන්න බලන්න තවත් පුවත්