රජයේ රෝහල්වලින් සායනික ප්‍රතිකාර ගන්නා රෝගීන්ට අවශ්‍ය ඖෂධ තැපැල් මගින් ලබන සඳුදා සිට බෙදාහැරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සුදානම් කරමින් සිටින බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ.

පෞද්ගලික ඖෂධ අලෙවිසල් මගින් ඔන්ලයින් ක්‍රමයට ඖෂධ ඇනවුම් කිරීම සඳහාද රෝගීන්ට අවස්ථාව හිමිව තිබෙනවා.

නමුත් එම ඖෂධ අලෙවිසල සම්බන්ධ කරගැනීමට නොහැකි වුවහොත් ඒ බව ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දෙන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය ජනතාවට දන්වා ඇත්තේ.

එවිට පොලීසිය මැදිහත්ව එම කටයුතු සම්බන්ධීකරණය කරන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ

මෙන්න බලන්න තවත් පුවත්