තායිවානයේ උමගක් තුල සිදුවූ දුම්රිය පිලි පැනීමකින් පුද්ගලයින් 34 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 72 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුරට ලක්වූ දුම්රියේ පුද්ගලයින් 350 දෙනෙකු ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරට ලක්වූ දුම්රිය තුල පුද්ගලයින් තවමත් සිරවී සිටින බවත් එම පිරිස් මුදා ගැනීමට මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
පිලි පැනීමට ලක්වූ දුම්රියේ පෙට්ටි 04ක් උමග තුල සිරවී ඇති බවත් සහන සේවකයින්ට එම ස්ථානය කරා ලඟා වීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
දුම්රි මැදිරි තුල සිරවී සිටි පුද්ගලයින් ජනෙල් කඩා ගනිමින් ඉන් පිටතට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
Discussion about this post