පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ලැබුනහොත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරිමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ “ද හින්දු” පුවත්පත සමග සාකච්ජාවකට එක්වෙමිනුයි.

“රටක් පාලනය කිරිමට ස්ථාවරත්වයක් අවශ්‍යයි. ඉකුත් සිරිසේන-වික්‍රමසිංහ රජයේ එම ස්ථාවරත්වය තිබුනේ නැහැ. ඒකයි ඔවුන් නිතරම එකිනෙකා අතර සටන් කරමින් සිටියේ. එහෙම සටන් කරමින් ඉද්දි රටක් දියුණු කරන්නේ කොහොමද? රටට ආයෝජකයින් පැමිණෙන්නේ නැහැ”

” දමිල ජනතාවට යහපත් ජිවිතයක් සහ ඔවුන්ව සංවර්ධනය කිරිම වඩාත් වැදගත්. නිදහස හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැනටමත් ප්‍රතිපාදන තිබෙනවා. ධිවර කර්මාන්තය සහ කෘෂි කර්මාන්තය දියුණු කිරිමේන් ඒවායේ ප්‍රතිලාභ ඔවුන්ට සෘජු ලබාගත හැකි ක්‍රමයක් සහ ඔවුන්ගේ රැකියා සම්බන්ධයෙන් සොයා බැලීම සිදුකරනවා. කිසිදු අවස්ථාවක සිංහල ජනතාව කියන්නේ නැහැ ඒ ප්‍රදේශය සංවර්ධනය කරන්න එපා හෝ ඔවුන්ට රැකියා දෙන්න එපා කියලා. වසර 70 ක් තිස්සේ පත්වන සියළු නායකයින් එක දෙයක් පොරොන්දු වුනා. ඒ තමයි බලය බෙදා හැරීම. නමුත් අවසානයේ කිසිවක් සිදු වුනේ නැහැ. බහුතර ප්‍රජාවේ කැමැත්තට එරෙහිව කිසිදු දෙයක් කරන්න බැහැ. නමුත් දේශපාලන ප්‍රශ්න වෙනස්. උතුර සහ නැගෙනහිර සම්බන්ධයෙන් මා ගන්නා සංවර්ධන ක්‍රියාමාර්ග ගැන ඔබලාට පුළුවන් තවත් වසර 05 කින් මා ගැන විනිශ්චය කරන්න.”

මෙන්න බලන්න තවත් පුවත්