පොලිතින් සහ ප්ලාස්ටික් යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන තවත් නිෂ්පාදන 350ක භාවිතය මේ වසරේදී තහනම් කිරීමට කටයුතු යොදන බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසනවා.
එක්වරක් පමණක් භාවිත කර ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික්, පෙට් බෝතල් PET bottles (Poly Ethylene Terepthalate), මයික්‍රෝන 20ට අඩු ලන්ච් සීට්, සැෂේ පැකට්, කොට්න් බඩ් හා සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ ආදිය නිෂ්පාදනය,අලෙවිය සහ භාවිතය මේ මස 31 වැනිදා සිට තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
මේ අනුව මේ මස 31 වැනිදා තහනම් කරනු ලබන පොලිතින් සහ ප්ලාස්ටික් භාණ්ඩ රැසක් පරිසර හිතකාමී ලෙස නිෂ්පාදනය කිරීම සඳහා එම සමාගම් පරිසර අමාත්‍යාංශය සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
පරිසර අමාත්‍යවරයා පවසන්නේ පොලිතින් සහ ප්ලාස්ටික් තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ එම කර්මාන්තය අඩපණ කිරීම සඳහා නොව දැනටමත් ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය නිසා මෙරට සිදුවෙමින් පවතින දැවැන්ත පාරිසරික හානිය අවම කිරීම සඳහා බවයි.
Discussion about this post