තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සුවය ලැබු පුද්ගලයින් ගණන 59 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ(13) දිනයේ ආසාදිතයින් අට දෙනකු හඳුනා ගැනිමත් සමඟ මෙරටින් වාර්තා වන වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 218 දක්වා වැඩි වී ඇත.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට මෙරට තුළ පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 152 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 88 දෙනෙකු , නැගෙනහිර කොළඔ මුලික රෝහලේ 28 දෙනෙකු හා වැලිකන්ද මුලික රෝහලේ 22 දෙනෙකු ඉරණවිල රෝහලේ 06 දෙනෙකු ඒ අතරට අයත්.

මෙන්න බලන්න තවත් පුවත්