කොවිඩ් 19 ආසාදිත තවත් රෝගීන් 255 දෙනෙකු අද දිනයේදී හඳුනා ගැනුණු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
ඒ අනුව අද(05) දිනයේදී තහවුරු කර ගන්නා ලද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 479ක් වනවා.
මොවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව අද(05) රාත්‍රී 9.30 පමණ වන විට දිවුලපිටිය, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 41,977ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවද 45,756ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රෝහල්ගතව සිටින රෝගීන් සංඛ්‍යාව 7,247ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අද වාර්තා වූ කොවිඩ් 19 මරණ දෙකද සමගින් මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 217ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Discussion about this post