කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් 164 දෙනෙකු අද(02) දිනයේ සවස 5.30 පමණ වන විට තහවුරු කරගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඉන් ආසාදිතයන් 121 දෙනෙක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ්-19 ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර අනෙක් 43 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයන්වලින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මේ වන විට තහවුරු වී ඇති කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 7,746ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 11,224ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්