පසුගිය වසරේ පාස්කු ඉරු දින සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

කිතුනු දේවස්ථාන 3ක් සහ කොළඹ ප්‍රධාන පෙළේ සංචාර හෝටල් 3කුත් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය අගමැතිවරයා සඳහන් කරන පරිදි මෑත ඉතිහාසයේ ජාත්‍යන්තරයේ සිදු වූ සියලුම ත්‍රස්ත ප්‍රහාර වලට වඩා ඉතාමත් විනාශකාරී ප්‍රහාරය වේ.

එවකට සිටි රජයට ප්‍රහාරය සිදුකල ත්‍රස්තයින්ගේ නම්, ප්‍රහාර සිදුකරන ස්ථාන ආදී සියලුම තොරතුරු ලබාදී තිබියදී මෙම ප්‍රහාරය පහසුවෙන් වලක්වා ගැනීමට තිබු බවද ඒ මහතා පවසයි.

පාස්කු දින ප්‍රහාරයට වසරක් ගත වන අද දිනයේ අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් එම ප්‍රහාරයට ලක්වූ සියලු දෙනා සිහිකරමින් පහනක් දැල්වීමට ඉල්ලා ඇති බැවින් 2019 පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය, තුවාල ලැබූ, අබාධිත තත්වයට පත් වූ සියලු දෙනා වෙනුවෙන් තමන් අදහන ආගමට අනුව සිහිපත් කරන ලෙස අගමැති තුමන් ඉල්ලා සිටියි.

මෙන්න බලන්න තවත් පුවත්