• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-20 | 6:53 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

තමන්ට තමන් පාලනය කරගත හැකි නම් බිය විය යුතු නැහැ – Photos සහිතයි

2021-01-04 ‍| 9:58 am
තමන්ට තමන් පාලනය කරගත හැකි නම් බිය විය යුතු නැහැ – Photos සහිතයි
0
SHARES
19
VIEWS
Share on FacebookShare on Twitter

ඉෂාරා ඉතින් කොහොමද?

හොඳයි. හොඳින් ඉන්නවා.

මේ දවස්වල කාලය ගත වෙන්නේ කොයි විධියටද?

අලුත් බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒ දේවල් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න හිතන් ඉන්නවා. තව අනුර සහ මම එකතු වෙලා නව අවුරුද්දෙදි අලුත් නිර්මාණයක් ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. එය ටෙලි නාට්‍යයක්ද චිත්‍රපටයක්ද කියන එක ඉක්මනින්ම ඉදිරියේදී තීරණය කරනවා. තව අපි Ayurway කියලා YouTube page එකක් පවත්වාගෙන යනවා. එයටත් මේ වන විට 50,000ක් ඉක්මවා Subscribesලා ඉන්නවා.

ඔබ කලා ක්ෂේත්‍රයෙන් අෑත් වෙලාද?

මෙහෙමයි. උතුම් පැතුම් ටෙලි නිර්මාණයෙන් පසුව දැනට අවුරුදු 3ක සිට මට කලාවෙන් අෑත් වෙන්න සිද්ධ වුණා. දුව ලැබීමත් එක්ක ඇයට මුල් තැන දෙන්න සිදුවුණා. ඒ අතරතුරදි මම ආයුර්වේද වෛද්‍යවරියක් වශයෙනුත් වැඩ කළා. ඒත් එක්ක කලාවෙන් ටිකක් අෑත් වෙන්න සිදු වුණා.

උතුම් පැතුම්හි සුදු දුවට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා නේද?

ඔව්. උතුම් පැතුම්හි උත්පලා කියන චරිතයට.

එහිදී ඔබ ජනප්‍රියම නිළිය සම්මානයට පවා පාත්‍ර වුණා නේද? 

ඔව්. 2016 _ 2017 වර්ෂවලදි සුමති සහ  SLIM-Nielsen Peoples Awardsහි ජනප්‍රියතම නිළියට හිමි සම්මාන දෙක මට දිනා ගන්න හැකිවුණා.

ජනප්‍රියත්වයේ ඉහළටම ගිය ඔබ එක්වරම රංගන ක්ෂේත්‍රයෙන් අෑත් වීමට විශේෂ හේතුවක් තිබෙනවාද?

ඔව්. අම්මා කෙනෙක් වශයෙන් දරුවට දැනුම් තේරුම් වයසට එන තෙක් දරුවා ළඟින් සිටීම අත්‍යවශ්‍යයි. ජනප්‍රියත්වයේ උපරිම තලයක ඉන්න මොහොතකදි වුණත් මගේ පවුල් ජීවිතයටත් මුල් තැන දෙන්න ඕන කියලා මම හිතුවා. ඒ නිසා ඉතින්  මගේ දරුවා වෙනුවෙන් මගේ පවුල සහ රැකියාව වෙනුවෙන් තාවකාලිකව කලාවෙන් අෑත් වුණා. නමුත් ඉතින් ගැහැනියක වශයෙන් ජීවිතයේදී සුදුසු කාලවලදී සුදුසු තීරණ ගත්ත එක ගැන අද මම සතුටු වෙනවා.

මේ දිනවල ඔබ නිවේදිකාවක වශයෙන්ද කටයුතු කරනවා නේද?

ඔව්. ස්වර්ණවාහිනි නාළිකාවේ උදෑසන “ආයුබෝවන් ශ්‍රී  ලංකා” වැඩසටහනත් සමඟ එකතු වෙන්න කියලා ස්වර්ණවාහිනි නාළිකාවේ රංගන ද සිල්වා මහතාගෙන් ආරාධනාවක් ලැබුණා. මම එම ආරාධනාව බොහොම සතුටින් භාර ගත්තා. දැනට මාස 5-6ක පමණ සිට ඒ වැඩකටයුතු කරගෙන යනවා.

ඔබ සතු කලා කුසලතාවන්ගෙන් නිසි ප්‍රයෝජන ගත්තා යැයි ඔබ සිතනවාද?

මෙහෙමයි. මම කාලාකාරිනියක් වෙන්න පුංචි කාලේ ඉඳන් හීන මවපු කෙනෙක් නෙවෙයි. මට අහම්බෙන් තමයි ඒ අවස්ථාව හිමි වුණේ. මගේ පවුලේ කෙනෙක්ගේවත් කලාවට සම්බන්ධයක් තිබුණේ නැහැ.

සිහින පියාපත කරන කාලේ කේතකි කියලත්, උතුම් පැතුම් කරන කාලේදි සුදු නැතිනම් උත්පලා කියලා ප්‍රේක්ෂකයෝ කතා කළා. ඉතින් සීමිත නිර්මාණ ප්‍රමාණයකින් වුවත් මම උපරිම ප්‍රයෝජන ගත්තා කියලා මම හිතනවා. මම රඟපාපු සියලුම නිර්මාණවලට ඉතාම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වුණා. එය මට ලැබුණු වාසනාවක් කියලා මම හිතනවා.

කලා ක්ෂේත්‍රය තුළ දිගටම රැඳී සිටීමට අදහසක් නැද්ද?

ඔව් තියෙනවා. මගේ ජීවිතයේ ගොඩක්ම කාර්යබහුල කාලෙකදි තමයි කලාවට ආවේ. අනික් අය තරමටම මම කලාව තුළ නියැළුනේ නැති වුණත් අපිට මැරෙනකම්ම වුණත් රඟපාන්න පුළුවන් කියලා මම හිතනවා.

ඔබ වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යවරියක්. එවැනි වෘත්තියක් සමඟ කලා කටයුතු සහ නිවේදන කටයුතු පෞද්ගලික ජීවිතය සමබර කරගන්නේ කොහොමද?

ඔව් ඇත්තටම රාජකාරීන් කිහිපයකට එකවර වේලාව වෙන් කර ගැනීම හරිම අමාරුයි. ඒත් ඉතින් වෛද්‍ය වෘත්තිය වේවා නිවේදන රංගන වෘත්තිය වේවා මේ සෑම වෘත්තියක්ම වැදගත් වෘත්තීන් තමයි. ඒවගේම සියලුම ක්ෂේත්‍ර සමබරව කරගෙන යෑමට මගේ හස්බන්ඩ් අනුරගෙන් ඉතා හොඳ සහයෝගයක් ලැබෙනවා. ඇත්තටම එයා කළා ක්ෂේත්‍රයේ හිටිය කෙනෙක් වශයෙන් මාව ඉතාම හොඳින් වටහාගෙන තිබෙනවා. එනිසා මා සතු කලා කුසලතා හොඳින් හඳුනාගෙන, මට කළ හැකි දේ වෙනුවෙන් නිතරම මට  මඟ පෙන්වනු ලබනවා.

ඔබ රූප රාජිනි තරග කිහිපයක්ම නියෝජනය කොට ජයග්‍රහණය කළ කෙනෙක්. නමුත් මෙවැනි තරගයන්ට සහභාගි වීමට බොහෝ තරුණියන් තුළ බියක් පවතනිවා. එවැනි අයට කුමක්ද කියන්න තිබෙන්නේ?

යම් දෙයකට තමන් ආසා කරනවා නම්, තමන් කරන්නේ හරි දේ කියලා තමන්ට විශ්වාස නම්, තමන්ට තමන් පාලනය කරගත හැකියි කියන විශ්වාසය තමා තුළ තිබෙනවා නම් එවැනි තරගාවලි සඳහා ඉදිරිපත් වීමට බිය යුතු නැහැ.

අද බිහිවන ප්‍රමිතියෙන් තොර වූ එවැනි තරගාවලි ගැන ඔබට මොනවද කියන්න තිබෙන්නේ?

මෙහෙමයි. පළමුව තමා ඉදිරිපත් වන තරගය පිළිබඳව සියලුම විස්තර සොයා බලන්න. එසේ නිවැරදි තොරතුරු ගැන හඳුනා ගෙන සොයා බැලීමකින් පසුව එවැනි තරග සඳහා ඉදිරිපත් වීම වඩාත් සුදුසුයි. උදාහරණයක් වශයෙන් මම මිස් වර්කින් ගර්ල් තරගයට, මිස් වර්ල්ඩ්, මිසිස් වර්ල්ඩ් ආදී තරග ගණනාවකට සම්බන්ධ වුණා. මම වුණත් එවැනි තරගවලට සම්බන්ධ වීමට පෙර එම තරග පිළිබ¼දව සියලුම විස්තරයන් පිළිබඳව ඉතා හොඳින් සොයා බැලුවා.

ඔබගේ සැමියා අනුරත් කලාවට සම්බන්ධ වුණු කෙනෙක්. නැවත රංගන කටයුතුවලට දායක වෙන්න ඔහු තුළ අදහසක් නැද්ද?

ඔව්. මගේ ස්වාමියා අනුර වෘත්තියෙන් නීතිඥවරයෙක්. ඔහුත් රංගන කටයුතුවල නිවේදන කටයුතුවල නියැළුණු කෙනෙක්. ඉදිරියේදී ඔහුත් නැවත වැඩ පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔබගේ දුව ගැනත් යමක් කියමු?

මගේ දුව ඉසස්යා සිදුප්‍රී සදුමිණි. දැන් එයාට අවුරුදු 3ක්. එයා හරිම හුරතල් දරුවෙක්. මුලින්ම අපේ පවුලට ගැහැනු දරුවෙක් ලැබීම ගැන හරිම සතුටුයි. ඒ වගේම එයා තුළත් කලා හැකියාවන් තියෙනවා.

ඉදිරියේදී දුවත් කලාවට සම්බන්ධ කරන්න අදහසක් නැද්ද? 

ඇත්තටම ඉතින් කිසිම දේකට අපි එයාට බලකරන්නේ නැහැ. එයාට එයාගේ ජීවිතය හොයා ගෙන යන්න අවස්ථාව සලසා දෙන අතරම, එයාට අවශ්‍ය මඟ පෙන්වීම සහ  උපරිම සහයෝගය අපි දෙන්නා ලබා දෙනවා. ඒ වගේම හොඳ දරුවෙක් විදිහට එයාව සමාජගත කිරීම තමයි අපේ එකම බලාපොරොත්තු.

අවසන් වශයෙන් අනාගත බලාපොරොත්තු ගැන මතක් කළොත්?

දුවගේ අනාගතය හොඳ තැනකට ගෙන එන ගමන්, අපි දෙන්නාගෙත් වෘත්තීය ජීවිතය සාර්ථක කර ගෙන, කලාවත් එක්ක දිගටම ඉන්න බලාපොරොත්තු වෙනවා.  සහ මැරෙන මොහොත වෙනතෙක් සතුටින් ඉන්න තමයි අපි තුන්දෙනාම බලාපොරොත්තු වෙන්නේ.

දිනූෂා මනෝරි නිශ්ශංක

ShareTweetSendShare

Related Posts

මිසිස් ශ්‍රී ලංකා තරගෙට ගිහින් අපි පුදුම විදියට අසරණ වුනා (VIDEO)
Breaking News

මිසිස් ශ්‍රී ලංකා තරගෙට ගිහින් අපි පුදුම විදියට අසරණ වුනා (VIDEO)

2021-04-18
119
ක්‍රිකට් පෙම්වතා ගැන ගයාත්‍රි ඩයස් ගෙන් පිළිතුරක්
Breaking News

ක්‍රිකට් පෙම්වතා ගැන ගයාත්‍රි ඩයස් ගෙන් පිළිතුරක්

2021-04-15
465
මගේ දෙවැනි අම්මා රෝසි සේනානායකයි : මම ඉදිරියේදී දේශපාලනයට එනවා – චන්දිමාල් ජයසිංහ (VIDEO)
Breaking News

මගේ දෙවැනි අම්මා රෝසි සේනානායකයි : මම ඉදිරියේදී දේශපාලනයට එනවා – චන්දිමාල් ජයසිංහ (VIDEO)

2021-04-12
105
මගේ අම්මා බැගෑපත් උනා දරුවා වෙනුවෙන් මාව අත්හරින්න එපා කියලා : පුෂ්පිකා ගේ සැමියා සැඟවුණු කරුණු හෙළි කරයි
Breaking News

මගේ අම්මා බැගෑපත් උනා දරුවා වෙනුවෙන් මාව අත්හරින්න එපා කියලා : පුෂ්පිකා ගේ සැමියා සැඟවුණු කරුණු හෙළි කරයි

2021-04-11
96
කැරොලයින් ජුරිගේ ඔටුන්න භාරදීම බොරුවක් : චන්දිමාල් ජයසිංහ ඇත්ත හෙළිකරයි
Breaking News

කැරොලයින් ජුරිගේ ඔටුන්න භාරදීම බොරුවක් : චන්දිමාල් ජයසිංහ ඇත්ත හෙළිකරයි

2021-04-10
166
අපේ ආදරයට ඇයි බාධා කරන්නේ – සමිතාගේ සැමියා චිරන්ත ගුණවර්ධන අසයි (VIDEO)
Breaking News

අපේ ආදරයට ඇයි බාධා කරන්නේ – සමිතාගේ සැමියා චිරන්ත ගුණවර්ධන අසයි (VIDEO)

2021-04-10
316
Next Post
ආදාහනයද භූමිදානයද යන්න නිර්දේශ කිරීමට රාජ්‍ය ඇමති සුදර්ශිනී විශේෂඥ කමිටුවක් පත්කර නෑ

ආදාහනයද භූමිදානයද යන්න නිර්දේශ කිරීමට රාජ්‍ය ඇමති සුදර්ශිනී විශේෂඥ කමිටුවක් පත්කර නෑ

එංගලන්ත කණ්ඩායම දිවයිනට

එංගලන්ත කණ්ඩායම දිවයිනට

Discussion about this post

MORE LOCAL NEWS

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

2021-04-20
0
11

මෙරට හෝටල්වල ඇති තැබෑරුම් රාත්‍රී 1.00 දක්වා විවෘත කොට තැබීමට අවසර...

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

2021-04-20
0
18

රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ...

රට තුලට විදේශිකයින්ගේ පැමිණීම සීමා කිරීමට සිදුවනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය

ඉදිරියේදී විශාල කොවිඩ් පොකුරු ඇතිවීමේ අවධානමක් – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

2021-04-20
0
24

කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාමත් සමග විශාල කොවිඩ් පොකු මතුවීමේ අවදානමක්...

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

2021-04-20
0
9

සියලු මැයි දින උත්සව නොපැවැත්වීමට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

රිය අනතුරක් සිදුකළ මන්ත්‍රී පුතා අත්අඩංගුවට

2021-04-20
0
36

වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු...

Sports News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
66
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
21
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
28
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
14
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk