• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-19 | 11:35 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

තනියම ආරාණ්‍යයකට ගිහින් මහණ වෙන්න ආසයි – එම්.ජී. ධනුෂ්ක

2021-02-27 ‍| 2:35 pm
තනියම ආරාණ්‍යයකට ගිහින් මහණ වෙන්න ආසයි –  එම්.ජී. ධනුෂ්ක
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter

හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලි කිව්වාම මතක් වෙන හඬක් තියනවා. බයිලා රජු එම්.එස්.ගේ හඬ අරගෙන ඩ්‍රීම්ස්ටාර් වුණ එම්.ජී. ධනුෂ්ක ගැන පසුගිය දවස්වල අහන්න දකින්න ලැබුණේ නැහැ. ස්ටාර්ස්ලාට ටික දවසකින් ඇඩ්‍රස් නැතිවෙනවා කියන කතාව එම්.ජී.ටත් වුණාද කියලා විපරම් කරලා බැලුවා.

මොකද ධනුෂ්ක සද්දයක් නැත්තෙ?

මේ දවස්වල ප්‍රසංග නැති නිසා කොහොමටත් අපේ සද්දේ වැහිලා.

කොහෙද මේ දවස්වල ඉන්නෙ?

මගේ ගම ඇඹිලිපිටියේ තමයි මම ජීවත් වෙන්නෙ.

කාලයක් කොළඹ උන්නා නේද?

ඩ්‍රීම්ස්ටාර් වෙලා ටික දවසක් මීගමුව පැත්තේ උන්නා. නමුත් ගමේ ජීවත් වෙන එක හොඳයි කියලා හිතුණ නිසා දැන් සෑහෙන කාලයක් ඉඳන් ගමේ ඉන්නේ.

ප්‍රසංගත් නැති නිසා මේ දවස්වල මොකද කරන්නෙ?

මේ දවස්වල ගොවිතැන් පැත්තට යොමු වෙලා ඉන්නේ. කෙසෙල් වගා කරනවා. වත්තේ පොල් ටිකකුත් දැම්මා.

දිගටම ගමට වෙලා වවන්නද කල්පනාව?

එහෙම කියලා නැහැ. මගෙයි නෝනගෙයි දෙන්නගෙම ගම මෙහෙ නිසා ප්‍රශ්නයක් නැහැ. හැමෝගෙම සහයෝගය ලබාගෙන ගොවිතැන් කරගෙන ඉන්නවා.

මේ දවස්වල ගොවිතැන් හොඳයි නේද?

ඒක ඉතින් වෙනස් වෙනවා. මෙහෙට ආවේණික පාඩු භෝගය කෙසෙල්. හැමෝම කෙසෙල් වවනකොට ලැබෙන ලාභය අඩුවෙනවා. මොනවා කරන්නද?

දැන් බබාලා කී දෙනෙක් ඉන්නවද?

දුවලා දෙන්නයි පුතයි. ලොකු දුව හතර වසරේ ඉගෙන ගන්නේ.

ළමයි කොළඹ දාලා ඉගැන්නුවොත් හොඳ නැද්ද?

මුල් කාලේ කොළඹ තමයි හිටියේ. නමුත් සමහර අතපසුවීම් නිසා කොළඹ ඉන්න එක ප්‍රශ්නයක් වුණා. ජීවිතේට බොහෝ ප්‍රශ්න ගැටලු එනකොට අවසානයේ ගම හොඳයි කියලා තීරණය කළා.

කාලෙකින් නිර්මාණයක් කළේ නැහැ නේද?

පසුගිය කාලේ හදවතේ කෙල්ල කියලා ගීතයක් කළා. ඒක ට්‍රෙන්ඩින් වන් වුණා.

මේ දවස්වල හැමෝම අමාරුවෙන් නේද යන්නෙ?

හරියටම අවුරුදු දෙකක් වැඩ නැහැ. කාලයක් අනතුරකට ලක්වෙලා එකතැන් වුණා. නඩු හබත් එක්ක ඔට්ටු වුණා. ඩ්‍රීම්ස්ටාර් වුණාට පස්සේ සෑහෙන ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා. සෑහෙන කාලයක් අපතේ ගියා. හරියට වැඩ ටික කරගත්ත නම් ගොවිතැන් කර කර දුක්විඳින්න ඕනේ නැහැ.

පසුගිය දවස්වල ලොකු වෙනසක් සමග නේද වේදිකාවට ආවේ?

මගේ සංගීත කණ්ඩායම නතර කරලා සහරා ෆ්ලෑෂ් එක්ක ප්‍රසංග වේදිකාවට ආවා විතරයි. ප්‍රසංග නතර වුණා. කරුමෙ තමයි.

ඇයි සංගීත කණ්ඩායම නතර කළේ?

පිරිසක් මැනේජ් කරන්න අමාරුයි. සෑහෙන වියදම් කළා. ප්‍රතිඵලයක් නැහැ. ඔක්කොම නතර කරලා ගෙදර ඉන්නකොට තමා සහරා ෆ්ලෑස් සංගීත කණ්ඩායමෙන් කතා කළේ.

එම්.එස්. ප්‍රනාන්දුගේ ගීත කියන්නේ නැද්ද?

ඒකටත් නීතිමය ප්‍රශ්නයක් ආවා. මිනිස්සු මගෙන් නිතරම බලාපොරොත්තු වුණේ එම්.එස්.ගේ ගීත. නමුත් ඒ ගීත කියන්න ගිහින් උසාවි ගානෙත් යන්න වුණා. හම්බ කරපු ඔක්කොම ඒවට වියදම් වුණා.

ඩ්‍රීම්ස්ටාර් වීමත් සමග ඔබට ඉහළ ඉල්ලුමක් තිබුණා නේද?

වැඩ තිබුණා. ඊට වඩා ප්‍රශ්නත් ආවා. ඩ්‍රීම්ස්ටාර් වෙලා තෑගි ලැබුණ වාහනේ හැප්පුණා.

අපි ඒ ගැන දැනගෙන උන්නෙ නැහැනේ?

මුල් කාලේ එක දිගට ප්‍රසංගවලට ගිය නිසා නිදි මරලා තිබුණේ. ආණමඩුවේ ෂෝ එකක සිංදු කියලා එනකොට නිදි මත නිසා තමයි හැප්පුණේ. අනූ නවයෙන් ජීවිතේ බේරුණේ.

ඩුප්ලිකේට් එම්.ජී. කෙනෙකුත් ආවා නේද?

ඒ තවත් ප්‍රශ්නයක්. මුලදිත් මම කිව්වෙ. ඩ්‍රීම්ස්ටාර් වුණාට පස්සේ මට පුදුමාකාර ප්‍රශ්න ගොඩක් ආවේ.

මේ ප්‍රශ්න නිසාමද හැමෝම අතහැරලා ආයේමත් ගමට ආවේ?

ඇත්තටම ඔව්. මම මෙතෙන්ට එන්න මාර ගේමක් දීපු එකෙක්. තැනට ආවට පස්සේ හැම එකා එක්කම මචං ගාගෙන උන්නේ. හැබැයි මට වැරදුණෙත් එතන තමයි.

ඒ මොකද?

මිනිස්සුන්ව අපි කාලා බලලා නෙමෙයිනේ ආශ්‍රය කරන්නෙ. හැමෝම මම වගේ කියලා හිතුවා. නමුත් ළඟම උන් මටත් නොදැනීම ගේම දුන්නා. වැඩක් නැහැ කතා කරලා. ක්ෂේත්‍රයේ මම ලබාගෙන උන්න තැන නැතිවෙන්න ඒකත් හේතුවක් වුණා.

ඔබ කලකිරීමෙන් වගේ කතා කරන්නෙ?

නෑ, මට එපා වෙලා ඉන්නේ. ළඟම උන්න මිනිස්සු නිසා මාව බිංදුවටම වැටුණා. තියෙන කාලේ ඕන තරම්. නැතිවුණාම බල්ලෙක්වත් නැහැ. මිනිස්සුන්ට මගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා. ඒ තරමටම මම ළඟ ඉන්න අයට රැවටුණා.

දැන් මොකද හිතෙන්නෙ?

ගමට ඇවිත් තනියම කල්පනා කරනකොට තේරුණා තමන්ට තමන් විතරයි කියලා. අවසානයේ ගෑනියි දරුවෝ තුන්දෙනයි ඉතිරි වුණා. හොඳටම තෙම්පරාදු වෙලා ඉන්නේ. ජීවිතේ අත්දැකීම් හා ගැටලු විතරයි ඉතිරි වුණේ. දැන් මට ආයෙමත් නියම ධනුෂ්කව පේනවා.

දැන් වෙනස් ගමනක්ද යන්නෙ?

රෑ වැටුණ වළේ දවල් වැටෙන්නේ නැහැ. සල්ලි හොයන්න පුළුවන්. දැන් යන්නේ වෙනම ගමනක්. මැයි මාසේ 10 වෙනිදට බලන්න ධනුෂ්ක කියන්නෙ කවුද කියලා.

ඔබට හැමදෙයක්ම ලැබුණේ බයිලා ගීත නිසා නේද?

මම බයිලා නරකයි කියන්නේ නැහැ. මට බයිලා අතික්‍රමණය කළ හැකියි. කවුරුත් ඒක දන්නේ නැහැ. පසුගිය කාලේ මගේ වාසනාවත් එක්ක තමයි කැරකුණේ. දැන් මම මගේ තැන ගන්න හදන්නේ මහන්සි වෙලා.

ඇයි මෙච්චර ආවේගයක්?

හැමෝම අපිව පාගලා දාන්න බලන්නේ. බයිලා කියනකොට බයිලා කාරයා. මූ මුකුත් දන්නේ නැහැ. මමත් කාලයක් මේකේ ඉඳගෙන හැම දෙයක්ම ඉගෙන ගත්තා. දැන් මම උත්සාහ කරනවා. මගේ හිත මට කියන්නේ උඹට පුළුවන් කියන එක ඔප්පු කරලා පෙන්නන්න කියලා. මගේ එළියට නොදාපු ගීත 10ක් තියනවා. ඒකත් ඉදිරියට අහන්න පුළුවන්.

හිස් ටින් එකක් ගීතයට මොකද වුණේ?

ඒ ගීතය අයිති දෙරණ ටී.වී. එකට. ඒත් මට ඒක කියන්න පුළුවන්. මට හිතෙන්නේ මාව මිනිහෙක් කළේ ඒ ගීතය තමයි.

ආයේ කොළඹ පදිංචියට එන්නේ නැහැ?

ගම හොඳයි. පවුලම එක්ක වෙනත් රටකට ගිහින් ජීවත් වෙන්න ආසාවකුත් තියනවා. කොහොමත් මිනිස්සු අතරේ වීරයෙක් වෙන්න තමයි හැමදාම ඕන වුණේ.

ලංකාව ගැන කලකිරිලද?

ලංකාවේ මියුසික් විතරක් කරලා ජීවත්වෙන්න බැහැ. අනිවාර්යයෙන්ම ලංකාවේ කලාව කරනවනම් රැකියාවක් කළ යුතුමයි. නැත්නම් ඇනෙනවා.

ගීතවලට අමතරව මොනවද ඉදිරි සැලසුම්?

ලැබෙන ඕනම දෙයක් කරනවා. රඟපාන්න කිව්වොත් රඟපානවා. ජෝක් කරන්න කිව්වොත් ඒකත් කරනවා. ඕන දේකට ඔට්ටුයි. එම්.ජී. ධනුෂ්කට නයි නටවන්නත් පුළුවන්. ඒක නිසා බය නැහැ.

රඟපාන්න ආරාධනා ලැබුණා නේද?

දෙරණ ටී.වී. එකේ පොහෝදා නාට්‍යයක රඟපෑවා. අවුලක් නැහැ. මට රඟපාන්නත් පුළුවන්.

ජනප්‍රියත්වය නිසා ජීවිතේ නාස්ති වුණා කියලා හිතෙනවද?

එහෙම නැහැ. හැබැයි හැමදාම පාඩම් ඉගෙන ගත්තා. ඉදිරියටත් ඉගෙන ගන්නවා.

කලාකරුවන්ට ආකර්ෂණය වැඩියි. ඒ නිසා පිට පනිනවා වැඩියි නේද?

මෙහෙමයි. හැමෝම මේ ප්‍රශ්නෙට ලොකු ටෝක් දෙනවා. තමන් හොඳනම් ඉන්න පුළුවන්. ඔය වගේ බයිලා කතා ඔක්කොම බොරු. ජනප්‍රිය වෙනකොට ආකර්ෂණය වැඩි වෙනවා. ඉල්ලුම එනවා. අපි රහත් වෙලා නැහැනේ. අපිට නොදැනීම ඒ දේවල්වලට ඇදිලා යනවා. මම හිතන්නේ එවැනි අත්දැකීම් නැති කෙනෙක් නැහැ.

අනිත් අය ගැන ඔබ කොහොමද කියන්නෙ?

ක්ෂේත්‍රයේ පරණ අය ගැන කොච්චර කතා වෙනවද? ඒවා බොරුද?ඇඟේ දාගෙන නොකළට හැමෝම ඒ දේවල් කරලා තියෙනවා.

ඒ කතාව ඔබටත් වලංගුද?

වලංගු නැත්නම් කියනවද කොටින්ම අපි රහත් වෙලා නැහැ. එහෙම වුණා කියලා ඒ නිසා අපේ පවුල් ජීවිත විනාශ කරගන්න බැහැ. වැරද්ද තේරුම් ගියාම ඒකෙන් අයින් වෙන්න ඕන. දැන දැන මම වැරදි කරලා නැහැ. නමුත් වැරදි වෙලා තියනවා. නමුත් ළමයි තුන්දෙනයි බිරිඳයි එක්ක ලස්සනට ජීවත් වෙනවා. ඒ ඇතිනේ.

යුතුකම් මග හැරුණා කියලා පසුතැවීමක් තියනවද?

අපෝ නැහැ. දැනටමත් මගේ යුතුකම් කොටස උපරිමයෙන් කරනවා. අනාගතයේ මගේ යුතුකම් ඉටුකරලා තනියම ආරාණ්‍යයකට ගිහින් මහණ වෙන්න ආසයි. ඒ තරම් අත්දැකීම් තියනවා. මොකද මේ හැම දේකින්ම අවබෝධය ලබාගන්න පුළුවන් වුණා.

පුංචි කාලේ ඉඳලම සිංදු කියනවද?

ඇඹිලිපිටිය, මොරකැටිය මහ විද්‍යාලයට තමයි ගියේ. ඉගෙන ගන්න දක්ෂ නැහැ. ඉස්කෝලේ පට්ට චාටර් චරිතයක්. හැමදාම මොකක් හරි ප්‍රශ්නයක්. අන්තිමට තාත්තා මාව හදන්න බැරුව පන්සලකට දුන්නා. ඒ තරම් හිතුවක්කාර වැඩ කළේ.

ඉතින් හැදුණද?

පන්සලේ අවුරුදු හතරක් ඇඹිත්තියෙක් විදිහට ඉන්නකොට තමා ජීවිතේ ඉගෙන ගත්තේ. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හොඳට ලකුණු අරගෙන සමත් වුණා.

ගෙදර පරිසරය​ කොහොමද?

දුප්පත්කමේ පතුලේ උන්නේ. තාත්තා මේසන් වැඩ කරලා තමයි අපිව ජීවත් කළේ. මමත් ඉස්කෝලේ ඉවරවෙලා කුලී වැඩට යනවා. අත්වැඩ දෙනවා. නිවාඩු කාලෙට කොළඹ ඇවිත් බිල්ඩින්වල අත්වැඩ දෙනවා. කරලා නැති රස්සාවක් නැති තරම්. අදටත් යකඩ කන්න හයිය තියනවා.

කොහොමද ඉතින් ගායකයෙක් වෙන්නෙ?

හැම වැඩක්ම කළේ සිංදුවක් කිය කියා. ලංකාවේ හැම රියැලිටි එකකටම යනවා. මට ගුරුවරු නැහැ. සංගීතය විෂයක් හැටියට ඉගෙන ගෙන නැහැ. ලංකාවෙ තරග තියන්නෙ කොහෙද හොයාගෙන තනියම යනවා. පිටකොටුවේ නිදාගත්තු වාර අනන්තයි. බස්වල නිදාගත්තා. මගේ ඉරණම මමම හොයා ගෙන ඇවිද්දා. හැබැයි මගේ ළඟ තාත්තා හැමදාම උන්නා.

හිතුවද දිනයි කියලා?

හැම තරගෙටම යන්නේ හිතෙන් දිනලා. මමම මගේ ජයග්‍රහණය ගැන විනිශ්චය දීගන්නවා. ඒ හිත තමා මාව මෙතෙන්ට ගෙනාවේ. මම මාව විශ්වාස කළා. ඉස්සරහටත් එහෙම තමයි.

– ක්‍රිෂාන්ත පුෂ්පකුමාර

ShareTweetSendShare

Related Posts

මිසිස් ශ්‍රී ලංකා තරගෙට ගිහින් අපි පුදුම විදියට අසරණ වුනා (VIDEO)
Breaking News

මිසිස් ශ්‍රී ලංකා තරගෙට ගිහින් අපි පුදුම විදියට අසරණ වුනා (VIDEO)

2021-04-18
111
ක්‍රිකට් පෙම්වතා ගැන ගයාත්‍රි ඩයස් ගෙන් පිළිතුරක්
Breaking News

ක්‍රිකට් පෙම්වතා ගැන ගයාත්‍රි ඩයස් ගෙන් පිළිතුරක්

2021-04-15
461
මගේ දෙවැනි අම්මා රෝසි සේනානායකයි : මම ඉදිරියේදී දේශපාලනයට එනවා – චන්දිමාල් ජයසිංහ (VIDEO)
Breaking News

මගේ දෙවැනි අම්මා රෝසි සේනානායකයි : මම ඉදිරියේදී දේශපාලනයට එනවා – චන්දිමාල් ජයසිංහ (VIDEO)

2021-04-12
105
මගේ අම්මා බැගෑපත් උනා දරුවා වෙනුවෙන් මාව අත්හරින්න එපා කියලා : පුෂ්පිකා ගේ සැමියා සැඟවුණු කරුණු හෙළි කරයි
Breaking News

මගේ අම්මා බැගෑපත් උනා දරුවා වෙනුවෙන් මාව අත්හරින්න එපා කියලා : පුෂ්පිකා ගේ සැමියා සැඟවුණු කරුණු හෙළි කරයි

2021-04-11
96
කැරොලයින් ජුරිගේ ඔටුන්න භාරදීම බොරුවක් : චන්දිමාල් ජයසිංහ ඇත්ත හෙළිකරයි
Breaking News

කැරොලයින් ජුරිගේ ඔටුන්න භාරදීම බොරුවක් : චන්දිමාල් ජයසිංහ ඇත්ත හෙළිකරයි

2021-04-10
166
අපේ ආදරයට ඇයි බාධා කරන්නේ – සමිතාගේ සැමියා චිරන්ත ගුණවර්ධන අසයි (VIDEO)
Breaking News

අපේ ආදරයට ඇයි බාධා කරන්නේ – සමිතාගේ සැමියා චිරන්ත ගුණවර්ධන අසයි (VIDEO)

2021-04-10
313
Next Post
වරාය වෘත්තීය සමිති තීරණාත්මක සාකච්ඡාවක

වරායේ අක්‍රමිකතා සොයන්න රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක් පිහිටවීමට පියවර

ඉන්දියාව ජාත්‍යන්තර මගී ගුවන් සේවා තහනම ලබන මාර්තු තෙක් දිගු කෙරේ

ඉන්දියාව ජාත්‍යන්තර මගී ගුවන් සේවා තහනම ලබන මාර්තු තෙක් දිගු කෙරේ

Discussion about this post

MORE LOCAL NEWS

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

2021-04-19
0
17

2019 අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය ආගමික...

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

2021-04-19
0
7

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසර දෙකක් ගත වෙන ලබන 21 වෙනිදා...

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

2021-04-19
0
33

ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ...

මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විහිලුවක් වෙලා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි

අහඹු PCR පරීක්ෂණ සිදුවෙන්නේ නැහැ – ආසාදිතයින් ඉහළ යාමේ අවදානමක් – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

2021-04-18
0
37

දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් ඇති බව...

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය

2021-04-18
0
153

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අරඹන ආකාරය සම්බන්ධයෙන්...

Sports News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
43
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
21
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
27
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
13
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk