හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් මුම්බායි නගරයේ නව ක්‍රිකට් ඇකඩමියක් ආරම්භ කර තිබේ. ඉන්දියාවෙන් බිහිවු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සචින් ටෙන්ඩුල්කා නවක ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රිකට් ඇකඩමියක් පළමුව ආරම්භ කළේ 2018 වසරේදියි.

එංගලන්තයේ මිඩ්ල්සෙකස් ක්‍රිකට් ක්‍රීඩා සමාජය හා එක්ව ටෙන්ඩුල්කාර් ආරම්භ කළ ක්‍රිකට් ඇකඩමිය ටෙන්ඩුල්කා මිඩ්ල්සෙක්ස් ග්ලෝබල් ඇකඩමි ලෙස නම් කර තිබුණි.

මෙතෙක් එම ඇකඩමිය එංගලන්තයේ පමණක් තිබු අතර ඊයේ දිනයේදී එහි ශාඛාවක් බටහිර මුම්බායි නගරයේ පිහිටවීමට පියවර ගත්තේය.

තමන් ආරම්භ කළ ක්‍රිකට් ඇකඩමිය පිළිබඳ අදහස් දක්වමින් ටෙන්ඩුල්කා පවසන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමේ බලාපොරොත්තුවෙන් පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම දක්ෂතා දියුණු කරගැනීම සඳහා මෙම ඇකඩමිය ආරම්භ කළ බවයි.

2013 වසරේදී සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දුන් ටෙන්ඩුල්කා ඒ වන විට ටෙස්ට් තරග 200ක් ක්‍රීඩා කරමින් ලකුණු 15921ක් රැස් කරගෙන සිටියේය.

මේ අතර එක්දින ලකුණු 18426ක් රැස් කළ ටෙන්ඩුල්කා වැඩිම එක්දින ලකුණු ලභියා ලෙස වාර්තා අතරට එක්ව සිටියි.

මෙන්න බලන්න තවත් පුවත්