තරුණ පරපුර අතර ජනප්‍රිය විලාසිතාවක් තමයි ‘ටැටූ’ විලාසිතාව කියන්නේ. ක්‍රීඩකයන්, නළුවන් මෙන්ම ගායකයන්ද අද වන මෙම විලාසිතාවට විශේෂ කැමැත්තක් දක්වනවා. මේ නිසාම ‘ටෑටූ’ විලාසිතාව ගැන කතා කරන්නට අපි වර්තමානයේ අතිශය ජනප්‍රියව සිටින යොවුන් ගායක ජූඩ් රොගැන්ස් පුවත්පතකට මෙසේ පවසා තිබුණා.

ජූඩ් ඇයි ‘ටැටූ’ එකක් කරන්න හිතුවේ?

තෙරේන කාලේ ඉඳලා ‘ටැටූ’ එකක් කරන්න මගේ ලොකු ආසාවක් තිබුණා. ඒකට ගොඩක්ම හේතු වුණේ මගේ පියාත් ‘ටැටූ’ එකක් ඇඳලා තිබුණ නිසා.

‘ටැටූ’ එකක් ඇන්දාම පවුලේ අයගෙන් තිබුණ ප්‍රතිචාර මොන වගේද?

අම්මා නම් කොහෙත්ම කැමති වුණේ නැහැ. අම්මා වගේම ගෙදර අයගෙත් කැමැත්ත තිබුණේ නැහැ මම ‘ටැටූ’ එකක් ගහනවට. ඒ තිබුණ බයත් එක්ක ‘ටැටූ’ එකක් කරන්න තිබුණ මගේ ආසාවත් කල් ගියා. ‍‍මොකද, අද වගේ නෙමෙයි ඒ කළේ. ‘ටැටූ’ එකක් ඇන්ඳොත් බොහෝ දෙනෙකු බලන්නේ වැරදි කෝණයකින් නිසා. අද නම් ‘ටැටූ’ කියන්නේ විලාසිතාවක්. තරුණයන් විතරක් නොවෙයි තරුණියන් පවා අද ‘ටැටූ’ විලාසිතාවට යොමු වෙලා තියෙනවා.

දැනට ‘ටැටූ’ කීයක් විතර ගහලා තියෙනවාද?

දැනට නම් තුනයි. තවත් එකක් අඳින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මියුසික් පැත්තට ගැලපෙන ආට් එකක් තමයි කරන්න හිතාගෙන ඉන්නේ. දැනට මගේ දකුණු අතේ බාහුව කොටසේ ගිටාරයක ඉදිරි කොටස ඇඳලා තියෙනවා.

තරුණියන්ගේ ආකර්ෂණය කොහොමද?

ඇත්තටම, තරුණියන්ගේ ආකාර්ශණය නම් ඉහළින්ම තියෙනවා. ප්‍රසංග වේදිකාව තුළ මාව දකිනකොට ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඒක මට හොඳින්ම දැනෙනවා. මට වුණත් ‘ටැටූ’ එකක් ඇඳලා මිනිස්සු අතරට යනකොට අමුතු ගැම්මක් තියෙනවා. මේක ලස්සනට කරන විලාසිතාවක් වගේම මම හිතන්නේ මිනිසෙකුගේ පෞරුෂත්වය වැඩි කරන්නත් යම් දායකත්වයක් ලබා දෙනවා.

යාළුවෝ එක්ක ‘ටැටූ’ විලාසිතා ගැන කතා කරන්නේ නැද්ද?

ගොඩක් වෙලාවට යාළුවෝ ටික එකතු වුණාම ඒ අය කරපු ‘ටැටූ’ විලාසිතා වගේම මම කරපු ඒවා ගැන කතා කරනවා. සමහර අය බයයි ‘ටැටූ’ විලාසිතා කරන්න. මොකද, ‘ටැටූ’ එක අවුල් වෙයි කියලා. ඒ වගේම විවිධ රෝග වැළඳෙයි කියලා. මටත් ඔය බය තිබුණා. ඒ නිසා ඉතාලියේ ඉන්න මගේ යාළුවෙකුගේ මාර්ගයෙන් ‘ටැටූ’ අඳින්න සියලුම දේවල් මම අරගෙන තවත් මම දන්නම යාළුවෙකුට කියලා තමයි දැන් ගහලා තියෙන ‘ටැටූ’ ටික ඇඳගත්තේ

මෙන්න බලන්න තවත් පුවත්