ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද්, අමෙරිකානු ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ උත්සවයක් සංවිධාන කර තිබුණි.

එම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසකටද ඇරයුම් කර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා සිය දෙදින ඉන්දීය නිල සංචාරය අවසානයේ සහභාගි වුණේ එරට ජනාධිපති රාම් නාත් කෝවින්ද් සංවිධාන කර තිබූ විශේෂ උත්සවයකටයි.

ට්‍රම්ප් සමඟ ඔහුගේ බිරිඳ මෙලානියා ට්‍රම්ප්, දියණිය ඉවන්කා ඇතුළු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් කිහිපදෙනෙක්ද මේ අවස්ථාවට සහභාගි විය.

උත්සවය පැවැත්වුණේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදීයි.‍

උත්සවයට පෙර රාජ්‍ය නායකයන් දෙදෙනා චාරිත්‍රානුකූලව සාකච්ඡාවක් පවත්වා තිබුණි.

අමෙරිකාව ඉතා වැදගත් මිතුරෙක් බවත් දෙරට අතර උපායමාර්ගික සබඳතා වර්ධනය කර ගැනීමට ඉන්දියාව දැඩි කැපවීමකින් කටයුතු කරන බවත් ජනාධිපති රාම් නාත් කෝවින්ද් පවසා තිබේ.

එහිදී අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබුණේ සිය ඉන්දීය සංචාරය ඉතා ඵලදායී එකක් වූ බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඉන්දියාවේ සංචාරය කළ පළමු අවස්ථාව මෙයයි.

දෙරට අතර සබඳතා වඩාත් පුළුල් කර ගැනීමට එම සංචාරය ඉවහල් වනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේය.

මෙන්න බලන්න තවත් පුවත්