මැලේරියා නාශක ඖෂධයක් වන කොරෝනා වයිරස් ප්‍රතිකාරයක් ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා විසින් හඳුන්වා දුන් හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් අපනයනය කිරීම ඉන්දියාව විසින් අනුමත කර තිබෙනවා.

මෙය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලපෑම් මත සිදු වුවක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ලෝකයේ විශාලතම හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් නිෂ්පාදකයා වන ඉන්දියාව දේශීය තොග ආරක්ෂා කර ගැනීම සඳහා ඖෂධයට තාවකාලික අපනයන තහනමක් පනවා තිබුණි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ඉතා දැඩි ස්වරුපයකින් කියා සිටියේ ඉන්දියාව හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් තොග ලබා දීමට කටයුතු නොකළහොත් ඒ සම්බන්ධයෙන් දැඩි තීරණ ගන්නා බවයි.

නමුත් ඉන්දියානු අගමැති සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඉතා සුහද මිත්‍රත්වයක් ඇති හෙයින් ඖෂධ තොග ඇමරිකාවට ලබා දීමට කටයුතු කරනු ඇති තම බලාපොරොත්තු වන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියා.

ඒ අනුව අද දින සිට නැවත අවශ්‍ය තොග ගබඩා කරගැනීමෙන් අනතුරුව හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් තොග අපනයන කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්