අපේ මේ මව්බිම අවුරුදු 30ක පැවති කුරිරු යුද්ධය නිමා කරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එවකට සිටි ආරක්ෂක ලේකම් වන ගොඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා සහා ශ්‍රි ලංකාවේ ත්‍රිව්ද හමුදාව විසිනි. එකල බලයට පත්ව සිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති නැවත්ත් බලය පත් උනේ යුද්ධය දිනීමේ උද්දාමයත් සමගයි. නමුත් පසුකාලීනව ඔහුගේ අණ්ඩුවේ සමහර මිනිසුන්ගෙ ක්‍රියාකලාපය නිසා ජනතාවගෙ ඡන්ද බලය නොලැබි ඔහු පරාජය විය. ඒ වගෙම හිටපු යුද්ධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා බලලොබිත්ව නිසා මිනිස්සුගේ සිතෙන් ඇතට විසිවි ගියෙය. ඉන්පසු ජනපති විදියට මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ගෙවීගිය වසර පහකට කලය තුල මෙ රටට කුමක් වුනේ දැයි සිතාගත නොහැකි තරම්‍ ය. නැවතත් ඒ තත්වය වෙනස් වූයේ මුලු රටම ඉතාමත් පසුගාමී ස්වරූපයක් හා දුර්දාන්ත පාලන ස්වරුපයක් ගත් නිසාවෙනි. 2020 ජනාධිපතිවරණයේදි රටටත් පාර්ලිමෙනතුවටත් නවමු මුහුණුවරක් වූ හිටපු ආරක්ෂක ලේඛම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ රටේ ආරක්ෂාවද බින්දුවට වැටි තිබු මොහොතකයි.
පසුගිය ආණඩුව ඉතා දරුනු පරාජයක් අත්කරදෙමින් වැඩි ඡන්ද වැඩි ප්‍රමාණයක් ලබගනිමින් අතිගරු ජනාධිපති ගොඨාභය රාජපක්ශ මහතා ජයග්‍රහනය කරේ රටේ ජනතාවට අලුත් නායකත්වයක් අවශ්‍යම මොහොතේදියි. එය එසේ සිදුවුයේ රටෙත් ජාතියෙත් පිනටය.
ජනාධිපති වූ විගසම එතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමත් තුල රටේ මහජනතාව තුල එතුම ගැන සහා එතුමාගේ වැඩසටහන් පිළිබද දැඩි විශ්වාසයක් ගොඩනැගෙමින් තිබුනි. එම කාල වකවානුවෙ මහමැතිවරණකට මුලු රටම ලක ලැහැස්ති වෙමින් සිටි මොහොතකි. පාර්ලීමෙනතුව විසුරුවා හැරීමෙන් පසුව නැවත මහමැතිවරණ නාම යෝජනා කැදවා රට ඉදිරියට ගෙනයාමේ සැලැස්මක යෙදී සිටින අවස්තාවක ලෝකෙටම පිලිලයක්වු ඒ වගෙම වසන්ගතයක් වු තවමත් හරි විසදුමක් නොමැති වූ කොරෝනා වෛරසය අපේ රටටත් පැමිණියෙ. ඒ නිසා රටේ ජනතාව ඉතා අපහසු කාලපරිච්ඡේදයක් මුහුන දිමට සිදුවිය.
නමුත් මේ අවස්ථාවේ අප කල යුත්තේ මේ මෙය පාලනය කිරිමට ගරු ජනාධිපති තුමා ගත් අතිශය ප්‍රශංසනීය ක්‍රියාමාර්ග වලට සහය දැක්වීමයි.රටේ පාර්ලීමේන්තුවත් විසුරුවා හැර ඇති වෙලාවක ජනාධිපතිතුමා සමග යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා හිටපු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිඅරච්චි මහත්මිය ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, එකතුව මේ කරන ක්‍රියාදාමය අති විශිෂ්ටය. මේ මුලු ලෝකයම මුහුන දී ඇති මේ සිදුවිමත් සමග අප වැනි පුංචි රටක මේවැනි ක්‍රියාදාම රාශියක් ඉතා පිලිවෙලට සිදු වෙනකොට අනාගතයේදි මේ වෛරස තත්ත්වයෙන් මිදී අපිට අපේ අනාගතය ගැන විශ්වසනීය බලපොරොත්තු තබා ගත හැකි නායකත්වයන් කිහිපයක් අපිට ලැබි ඇත. රටේ අනාගතය පිලිබඳ ඇති ඉදිරි දැක්මත් ජනතාව ගැන ඇති අවංක කැක්කුමත් දකිද්දි තව ඉදිරියට අපි සංවර්දනය වෙමින් පවතින රටක් යන කොටසෙන් අපට බැහැර වීමට හැකිවන බව විස්වාසය .සමහරක් දේශපාලනක යාචකයන් මේ ව්‍යසනය විකුනමින් කරන සෑම දෙයකම වැරදි දකිමින් හිගමනෙ යෙදෙනවිට අපට කිවහැක්කෙ රටේ බුද්ධිමත් ජනතාව ඉදිරියටද ඔවුන්ට තවත් හොද උත්තර ලබා දෙනු නිසැක බවයි.
ලෝකයේ බලවත් රජ්‍යන්ට පවා මේ ව්‍යසනය පාලනය කරගත නොහැකි වි ඇත. මේ ව්‍යසනය තුල අපෙ රටට තීන්දු තීරණ සහ එවා ක්‍රියාත්මක කිරිමට ලැබුනු අතිගරු ජනාධීපතිතුමා සහ යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අපේ රටේ පිනට පහල වුණු ජීවමාන දෙවිවරු වේ. එසේම ඔවුන් යටතේ සේවය කරන ත්‍රිවිධ හමුදාව සහ පොලිසීය , සෞඛ්‍ය අංශයේ දිවි දෙවැනිකොට සේවයේ යෙදෙන සියළුම පිරිසට අපේ උත්තමචාරය පිරිනැමිය යුතු මොහොතයි මේ. ඔවුන්ගේ මේ ක්‍රියාන්විතයේ ජනතාව ලෙසට අපෙන් වියයුතු වගකීම් පැහැර නොහැර එකා මෙන් වැඩ කල යුතු කාලය එලබි ඇත. එලෙස කටයුතු කලොත් අපට අතිගරු ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා සමග එකම රටක් ලෙස තව බොහෝදුරක් යාහැක. තවද රජය මගින් අපව ආරක්ෂා කිරීම සදහා මේ ගෙනයන වැඩපිලිවලට අප එක සේ සහය දැක්විය යුතුය.. ජාතින්ගෙත් පිනට පහල වුන මේ ජීවමන දෙවි වරුන්ට මේ මුලු රටෙම උත්තමාචාරය හිමි වේවා.

මෙන්න බලන්න තවත් පුවත්