ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා.
පළමු වරට ජාතික කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කෙරුණේ 1908 වසරේදී වැඩකරන පැය ගණන සීමා කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවැති පා ගමනකින් පසුවයි.
අනතුරුව එය ජාත්‍යන්තර කාන්තා දිනයක් බවට පත්වූ අතර 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ද එය නිල වශයෙන් පිළිගනු ලැබීය.
ඇතැම් රටවල ජාතික නිවාඩු දිනයක් ලෙස ද අද දිනය නම් කර ඇති අතර කාන්තාවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.
මේ අතර කාන්තා දිනයට සමගාමීව ආශිර්වාද පූජාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත් වුණි.
අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණ විසින් මෙම ආශිර්වාද පිංකම සංවිධානය කරතිබූ බවයි.
Discussion about this post