ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් නගරාශී‍්‍රත වායු දූෂණය මෙන්ම ජල දූෂණයද මේ වන විට කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙන බව මධ්‍යම පරිසර අධිකාරීය පවසනවා.

ඉතාමත් අපවිත‍්‍රව පැවති කැළණි ගඟද මින් පෙර නොවූ තරම් මේ වන විට පිරිසිදුව පවතින බවයි එම අධිකාරීය පවසන්නේ.

වැඩිදුරටත් මේ පිළිබඳව කරුණු දක්වන එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් – පරිසර දූෂණ පාලක කේ. මුතුකුඩආරච්චි කියා සිටියේ දත්ත එකතු කර ගැනීම සඳහා කැළණි ගගේ සවිකර ඇති උපකරණය හරහා මෙම තත්ත්වයන් වාර්තා වෙන බවත් 2019 වසරේ මීට පෙර වාර්තා සමඟ සංසන්දනාත්මකව බලන විට ගඟේ ජලය ඉතාමත් හොඳ තත්ත්වයෙන් පවතින බවත්ය.

මෙන්න බලන්න තවත් පුවත්