දකුණු කළුතර පොලිස් ස්ථානයේ නිලධාරියෙකු විසින් ජලභීතිකාව වැලඳුන සුනඛයෙකුට එල්ල කළ වෙඩි පහරක් ඒ අසල සිටි පුද්ගලයෙකුටත් වැදී තුවාල සිදුව ඇති බව වාර්තා වනවා.
එම සුනඛයා විසින් මේ වන ප්‍රදේශයේ පුද්ගලයින් 10 දෙනෙකු පමණ සපා කා ඇතැයි පොලීසියට පැමිණිලි ලැබී ඇත.
ඒ අනුව අද (27) උදෑසන 10.30ට පමණ ජලභීතිකාව වැලඳුන සුනඛයා දකුණු කළුතර, වෙට්ටුමකඩ ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් මත පොලීසිය වහා ක්‍රියාත්මක වී තිබෙනවා.
එහිදි උප පොලිස් පරීක්ෂකවරයෙක් විසින් සිදුකළ වෙඩි තැබීමෙන් සුනඛයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර අනතුරුව ඒ ආසන්නයේ සිටි පුද්ගලයෙකුට ද වෙඩි පහර එල්ල වීමෙන් 60 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලබා කළුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිදුවීම පිළිබඳ දකුණු කළුතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
Discussion about this post