ලෝක සෞඛ්‍ය සංවිධානයට ආධාර ලබා දීම පිළිබඳ කොරෝනා වෛරසය මැඩලීමෙන් පසු සළකා බලන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ ප්‍රකාශ කර තිබෙනවා.

ජපාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය දේශපාලනිකව කටයුතු සිදු කරනවාද යන්න පිළිබඳ තමන්ටද ගැටළු පවතින බවයි.

එබැවින් මෙම වෛරස තත්ත්වය මැඩලීමෙන් පසු ආධාර ලබා දීම සම්බන්ධව සිතා බලන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

මේ අතර පසුගියදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සඳහන් කර තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන බවයි.

ඒ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන ආධාර මුදල් නවතා දැමිමටයි ට්‍රම්ප් පියවර ගත්තේ.

මෙන්න බලන්න තවත් පුවත්