රටතුළ නීතියේ සාධාරණත්වය තහවරු කිරීමට වත්මන් පාලනයට හැකිවූ බව අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වාරි මාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා තිබුණා.
“පාර්ලිමේන්තුවේදී රංජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රකාශකරා දවස් දෙකකට ඇප දුන්නොත් ඉතුරු හඬපටත් ලබා දෙනවා කියලා. හිතන් ඉන්නේ උසාවිය පාලනය වන්නේ එතුමාලගේ කාලය වගේ දේශපාලන නායකයෝ දුරකථනයෙන් කථා කරපුවාම උසාවිය ඇප දෙනවා කියලා.’
‘එහෙම ආණ්ඩුවක් නෙමෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොඩ නගලා තියෙන්නේ. නීතිය ක්‍රියාත්මක කළ හැකි සාධාරණ පරිසරයක්. රනිල්ගේ පාලනය තමයි මේ තත්ත්වෙට හේතුව. රටේ චාරය නැතිකළා. ඒ පහත් ක්‍රියා නිසායි පක්ෂයට මෙහෙම වුණේ“
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

මෙන්න බලන්න තවත් පුවත්